EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Benny Chan, Corey Yuen, Nicky Li Chung-Chi, Richard Yuen Tak, Zhang Yang
Cast
Go Full Cast PageShaolin (2011) | වෛරයෙන් වෛරය නොසන්සිඳේ
2011 වසරෙදි හොන්ග්කොන්ග් සිනමාවෙන් බිහිවුණු අපූරු නිර්මාණයක් තමා ෂැඔලින් චිත්‍රපටය. IMDb rate එක 6.8ක් ගන්න සමත් වෙලා තියෙන සිතුවමක්. Shaoqun Yu, Andy Lau, Nicholas Tse, Jackie Chan වැනි හොංන්කොංග් සිනමාවෙ දැවැන්තයො මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියන්න දෙයක් නෑ, ලස්සන ආයෙ ආයෙ බලන්න හිතෙන ෆිල්ම් එකක් තමා ෂැඔලින් කියන්නෙ.
කතාවට පාදක වෙන්නෙ චීනය තුල ප්‍රදේශ අල්ලා ගැනිමට ඒ ඒ ප්‍රදේශ වල අධිපතියන් යුද්ධයක නියැලුණ අවධියක්. හ්යු චියාහ් (Andy Lau) තමා යුද්ධයේදි පෙරමුණෙන් ඉන්නෙ. ඔහුගෙ දෙවැනියා ට්සායෝ මාන් (Nicholas Tse). මෙයාලා යුද්ධ ගණනාවක් දිනලා, ප්‍රදේශ ගණනාවක් අල්ලගෙන. පලා යන එක අධිපතියෙකු පණ බේරගන්න ෂැඔලින් ආරාමයට ඇතුල් වෙනවා. ඒත් ඔහුට ගැලවුමක් ලැබෙන් නෑ. පූජනීය ආරාමය තුලදිම හ්යු චියාහ් ඔහුව මරා දමන්නෙ අකාරුණික විදිහට, බෞද්ධ භික්ෂුන්ගෙ ඉල්ලීම් පවා නොසලකා හරිමින්, පැවිද්දන්ට, පන්සලට අගෞරව කරමින්. ඒත් වැඩිකල් යන්න ඉස්සර හ්යු චියාහ්ට මූණ දෙන්න වෙන්නෙ කවදාවත් නොසිතපු දෙයකට. හ්යු චියාහ්ගෙ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙන්න මේ සිදුවීම තමා මුල් වෙන්නෙ.
“අපි කරන පව් වල විපාක අපිට විඳින්න වෙනවා.. අද.. නැත්නම් හෙට.. කවද හරි දවසක ඒ කර්ම වලට වන්දි ගෙවන්න අපිට සිදුවෙනවා.. රජෙක් වුනත් හිඟන්නෙක් වුනත් එදාට වෙනසක් නෑ..”









