EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSingham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සිංගම් කියන්නේ වෙනදා වගේම පොලිසියේ සුපිරි වැඩ්ඩේක්, මෙයාට පැවරිලා තියෙන රාජකාරිය තමයි මුම්බායි නගරයේ ආරක්‍ෂාව ගැන බලන එක. ඊට අමතරව නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැනත් හොයන්න වෙනවා. නමුත් දේශපාලනය මේ අතරට එන නිසා මෙයාට හිතන තරම් මේ වැඩ කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ගුරුජි කියන්නේ අවංක දේශපාලකයෙක්. නමුත් බාබා සහ ප්‍රකාෂ් රාඕ එහෙම නැහැ, දුෂිතයි. වංචනික විදියට මුදල් හොයලා ඒ සල්ලි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවනවා. සිංගම් විවාහ වෙන්න ඉන්නෙ අව්නි එක්ක, ඒකත් පිස්සු ආදරයක් එක අතකින් බලනකොට. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා??
සිංගම් එක්ක වැඩ කරන කොස්තාපල් මහේෂ් ජාදෙව් මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ගුරුජි වත් මරනවා. දැන් සිංගම්ට ඕනේ වෙලා තියෙන්නේ මේ දේවල් වලින් පළිගන්න. හිතා ගන්න පුළුවන්නේ සිංගම් ට තරහා ගියාම සද්දේ කොහොමද කියලා. නේද? ඇති නෙහ් කතාව. ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම්


