EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅහිංසක සිරකරු
මෑතකදි බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණ දමිළ චිත්‍රපටයකට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මෙය වික්‍රම් ප්‍රභූගේ 25 වන චිත්‍රපටිය වීමද විශේෂත්වයක්.
ලියෝ, මාස්ටර් වගේ විශාල චිත්‍රපට නිෂ්පාදනය කළ 7Screen Studio හි හිමිකරු වන LK ලලිත් කුමාර්ගේ පුත්, LK අක්ෂේ කුමාර් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ ඔහුගේ පළමු චිත්‍රපටිය වන අතර, මළයාලම් නිළි අනිෂ්මා ද මෙහි රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන තමිල් තමයි මෙය තිර රචනය කරලා තියෙන්නෙ. ඔහු ඇත්තටම හිටපු පොලිස් නිලධාරියෙක්. අවුරුදු 12 ක සේවා කාලයේ පොලිස් නිලධාරියෙකුව ලබාගත් අත්දැකීම් වලින් මේ කථාව ලිව්වා කියලයි කියන්නෙ.
ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සුරේෂ් රාජකුමාරි විසින්. මෙය ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි. දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන වෙට්‍රි මාරන්ගේ අසුරන් හා විඩුදලෛ යන චිත්‍රපටි වල සහය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද මොහු සේවය කරලා තියෙනවා.
වේල්ලූර් බන්ධනාගාරයේ සිට සිවගංගායි අධිකරණයට සිරකරුවෙක් රැගෙන යන පොලිස් නිළධාරියෙක්ට මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත සිදුවීමක් මෙහි ඇතුළත් වෙන්නෙ.
චිත්‍රපටියට අනුව විශේෂ වචන වල අර්ථයන්,
AR – Armed Reserve (සන්නද්ධ සංචිත) : කැරලි මර්දනය, විශේෂිත අවස්ථාවන් වල ආරක්ෂාව සපයන පොලිස් විශේෂ ඒකකයක්.
Police Escort Duty (පරිවාර පොලිස් රාජකාරිය) : සිරකරුවන් නඩු වාරයන්හි දී උසාවියට රැගෙන යාම, රෝහල් වලට රැගෙන යාම.. යන රාජකාරි මෙලෙස හඳුන්වයි.
2025 පැමිණි හොඳම දමිළ චිත්‍රපට පහ තුළ තියෙන චිත්‍රපටියක් මේක. අනිවාරෙන් මඟනොහැර බලන්න.
චිත්‍රපටියේ ආදායම් වාර්ථා,
Budjet : 3-5Cr
Worldwide Gross : 31.58Cr+
Verdict : Blockbuster
චිත්‍රපටයට ලැබුණ ඇගයීම්,
IMDb – 8.4/10
Letterboxd – 3.5/5
Times Of India – 3.5/5









