CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2106 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Snipers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Snipers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 01, 2022China96 Min.
Your rating: 0
8.9 10 votes
Snipers AKA Ju ji shou (2022) | ඇමරිකානුවන් භීතියට පත්කල ස්නයිපර් මරුවා..

Snipers AKA Ju ji shou (2022) | ඇමරිකානුවන් භීතියට පත්කල ස්නයිපර් මරුවා..

ඔන්න එහෙනම් ක්‍රියාදාම සපිරි සුපිරි චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. IMDB 6.3 ක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ කොරියානු යුද්ධයේදී ඇමරිකානු සෙබලුන්ට විරුද්ධව සටන් වැදුණු චීන හමුදාවේ 5 වෙනි බළකායේ Zhang Taofang නම් චීන ඉතිහාසයේ විශිෂ්ඨතම ස්නයිපර් සෙබළාගේ මෙහෙයුමක් වටායි.

1950 සිට 1953 දක්වා කාල වකවාණුවේදී පැවති කොරියානු යුද්ධය, දකුණු කොරියාව හා
උතුරු කොරියාව අතර පැවති අතර මෙහිදී උතුරු කොරියාවට චීනය හා රුසියාවත්, දකුණු කොරියාවට ඇමරිකාවත් සහයෝගය ලබා දෙනවා. වයස අවුරුදු 22 දී චීන හමුදාවට බැදෙන Zhang Taofang කොරියානු යුද්ධයේදී දවස් 32ක් තුල වෙඩිතැබීම් වාර 435 කදී ඇමරිකානු සෙබළුන් 214 ක් ඝාතනය කර හෝ මාරාන්තික තුවාල සිදුකර තිබෙනවා. ඔහුගේ මෙම දක්ෂතාවය උදෙසා චීනයෙන් හා උතුරු කොරියාවෙන් විශේෂ පිළිගැනීමක් ලැබුනු අතර යුධ වීරයකු ලෙසද නම් කර තිබෙනවා.

චිත්‍රපටය පිළිබදව කෙටි හැදින්වීමක් කලහොත්, චීන හමුදාවේ 5 වෙනි බළකායේ සේවය කරන සැරයන් ලූ වෙන්වූ චීන හමුදාව පුරා ජනප්‍රිය වුයේ ඔහුගේ Mosin Nagant රයිෆලය භාවිතයෙන් ඇමරිකානුවන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කල ස්නයිපර් වෙඩික්කරුවක් ලෙසිනි. ඔහු නිසා විශාල ඇමරිකානුවන් පිරිසකට දිවි අහිමිවන අතර එයට පළිගැනීමක් වශයෙන් ඇමරිකානු භට කණ්ඩායමක් ජෝන් නම් අතිවිශිෂ්ඨ ස්නයිපර් සෙබළාගේ නායකත්වයෙන් සැරයන් ලූ සොයා පැමිණෙනවා. එහිදී ඔවුන් විසින් සැරයන් ලූ අල්වා ගැනීම උදෙසා සැරයන් ලූගෙ ලගම හිතවතකු වන ලියෑන්ග් නම් බුද්ධි අංශ සෙබළා යොදාගන්නවා. මේ කිසිත් නොදත් සැරයන් ලූ ඇතුළු 5 වෙනි බළකායේ ස්නයිපර් සෙබළුන්, අනතුරට පත්වූ ලියෑන්ග් සොයා එන අතර ඔවුන් මෙය ජෝන් ගේ උගුලක් බව නොදැන එම උගුලට හසුවෙනවා. සැරයන් ලූ මෙය උගුලක් බව වටහා ගන්නා විට ඔහුට, ඔහුගේ සෙබලුන් කිහිප දෙනෙකු අහිමි වී අවසන්. ඉන් පසු මුහුණට මුහුණ දරුණු ද්වන්ද සටන් ඇතිවන අතර, ස්නයිපර්වරුන් භාවිතා කරන උපාය හා උපක්‍රම යොදාගනිමින් චීන හා ඇමරිකානු හමුදා එකිනෙකා පරයා යෑමට දරණ උත්සහයන් Snipers 2022 චිත්‍රපටයෙන් මනාව පෙන්වා දී තිබෙනවා.

උපසිරසිය සෑදීමේදී එහි භාවිතාවන හමුදාමය වචන සදහා නිවැරදි සිංහල පරිවර්තන ගෙන ඒමට මා උපරිම උත්සහ කල අතර උපසිරසියේ තිබූ කාලරාමු ගැටළු මගහරවා ගනිමින් උපසිරයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කිරීමට මා හට විශාල වෙහෙසක් දැරීමට සිදුවූවා… මා විසින් Sniper චිත්‍රපට දෙකක් සදහා උපසිරසි ලබා දී ඇති අතර ඒ Sniper The White raven 2022 හා The Sniper 2009 චිත්‍රපටයි. ඔබ Sniper චිත්‍රපට රසිකයකු නම් එම චිත්‍රපටත් නොවරදවාම නරඹන ලෙස ඔබට ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉෂාන් මධුෂංක(ඉෂූ) (Baiscopelk)
IMDb 6.3 /10 1,280 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Zhang Yimou
Director

Cast

Zhang Yi isCompany Commander
Company Commander
Zhang Yu isLiu Wenwu
Liu Wenwu
Lin Boyang isReporter
Reporter
Liu Yitie isLiang Lianghuan
Liang Lianghuan
Huang Yan isMi Lao Er
Mi Lao Er

Similar titles

OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Idea of You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Place Promised in Our Early Days (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Letters (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malang (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rooster (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Body Parts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published