EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSnoopy Come Home (1972) | අඩේ කෝ ස්නූපි
මේක release වෙලා තියෙන්නේ 1972 අගෝස්තු 9 වෙනිදා. ඔව් මේක ඇවිල්ලා පරණ ඇනිමේෂන් චිත්‍රපටයක්. Animation, Comedy, Musical, family, Drama යන ශානර වලට අයත් මෙය IMDB මීටරේ 7.4 ට කරකවලා තියනවා. කුණු තක්කලි දර්ශකේ 93% ක් හා 84% ක audience score එකකුත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.
1973 Cinema Writers Circle Awards, Spain චිත්‍රපට උලෙලේ හොදම ළමා චිත්‍රපටය ට (Best Children’s Film) හිමි සම්මානය දිනලත් තියනවා.
කලින් චිත්‍රපටය බලපු අය දන්නවා ඇති මේ චරිත සෙට් එක කවුද කිංද මන්ද කියලා… ඉතින් මේකෙ වෙන්නෙ ස්නූපි බලුපැටියා අපේ චාලි බ්‍රවුන්ව දාලා කොහේදෝ තොලොංචි වෙලා මිසින් වෙන සීන් එකක්. හැබෑටම මේකා කොහෙද ගියේ.. ආයෙ එන එකක් නැද්ද.. ඇයි ගියේ.. මොකටද ගියේ.. චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. කලින් චිත්‍රපටය බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි මේකෙයි ඒකෙයි කිසි සම්බන්ධයක් නෑ කතාවල.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකෙ මහලොකු සීන් බලාපොරොත්තු වෙන්න එපා.. මේක හැමෝටම සෙට් වෙන එකක් නෑ… ගොඩක් අය මේක බලන එකකුත් නෑ. මොකද මේක “පරණයි පරණයි යැයි යැයි යැයි” ඇත්ත.. හැමෝටම සෙට් වෙන එකක් නෑ ආයෙත් කියනවා. මොකද මේකේ ඔය මහා ලොකු විලම්භීත ඇනිමේෂන් නෑ. සරල සුගම හරිම නිස්කලංක සුන්දර සහ ආදර්ශයක් සහිත හරිම ආතල් ෂෝක් ලමයින්ගේ චිත්‍රපටයක් මේක.



