CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSongs Of Paradise (2025) | “ කවුද මේ නූර් බෙගම් ”
2025 වසරේ නිකුත් කරන ළද Songs Of Paradise කියන්නේ ඉන්දියාවේ ජීවන චරිතාපදාන, සංගීතමය (biographical musical) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Danish Renzu විසින්. Ritesh Sidhwani, Farhan Akhtar, Shafat Qazi සහ Danish Renzu විසින් නිෂ්පාදනය කර ඇත. Danish Renzu සහ Sunayana Kachroo විසින් පිටපත ලියා ඇති අතර Niranjan Iyengar විසින් සංවාද රචනා කර තියෙනවා.
Saba Azad ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Soni Razdan සහ Zain Khan Durrani ද ප්‍රධාන චරිතවලට රඟපායි. Taaruk Raina, Lillete Dubey, Sheeba Chaddha, Shishir Sharma සහ Lalit Parimoo ද චිත්‍රපටයේ රඟපායි.
කතාව ගැන කියනවනම්, කාශ්මීර ගායිකාවක් වීමට සිහින දකින කාශ්මීර කාන්තාවකගේ ගමන් මග ගැන තමයි තියෙන්නෙ.
මැය Raj Begum ගේ සංගීතයෙන් ආභාෂය ලබනවා. කාශ්මීරයේ “Melody Queen” ලෙස ප්‍රසිද්ධ Raj Begum පද්මශ්‍රී සම්මානය සහ සංගීත නාට්‍ය ඇකඩමි සම්මානලාභිනියක්.
මේ චිත්‍රපටය 2025 අගෝස්තු 29 වන දින Amazon Prime Video හරහා ප්‍රදර්ශනයට ලක් වුණා.
ඉතින් මේ ලස්සන ෆිල්ම් එක හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.




