EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Speak No Evil (2024) | අත්භූත ආගන්තුක සත්කාරය!

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේ ඉතා හොඳ විචාරක පැසසුම් ලබාගෙන තිරගත වුණ චිත්‍රපටයක්. මේක 2022 නිකුත් වුණ Speak No Evil කියන ඩැනිෂ් චිත්‍රපටයේ රීමේක් එකක් වුණත් මුල් චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් කරලා නිපද වුනු නිර්මාණයක් බවට සෑහෙන්න කතා බහට ලක්වුණා. ඒ විතරක් නෙමේ මේ වෙද්දි IMDb 7.0 ඉහල අගයකුත් කුණු තක්කාලි 88% ගන්න සමත් වෙලා තියෙනවා. රේටින් වලින්ම වැඩේ ගැන හිතා ගන්න පුළුවන් ඇතිනේ.

මේක සිනමාශාලාවන් වලට නිකුත් වුණේ ගිය සැප්තැම්බර් 13 වෙනිදා, අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ ඔක්තෝබර් පලවෙනිදා. මේක අධ්‍යක්ෂණය කරන්නෙ නම් පට්ටම මූසල ගතියක් තියෙන (අයියෝ මොකක්ද මේ වුණේ? ඇයි එහෙම වුණේ? කියලා හිතෙන) චිත්‍රපට හදන්න නම් දරාපු James Watkins විසින්. ඔහු අධ්‍යක්ෂණය කරපු Eden Lake, The Woman in Black බලපු අය නම් දන්නවා ඇති මං මොකක්ද මේ කිව්වෙ කියලා. ඒ විදිහටම මේ චිත්‍රපටයෙත් ගුප්තබව එහෙම්මම තියෙනවා. ඒ වගේම මේකට රංඟනයෙන් දායක වෙන්නෙත් Split, Atonement, Wanted, X-Men: First Class වැනි චිත්‍රපට වල විවිධ අයුරින් දස්කම් දැක්වූ James McAvoy විසිනුයි. ආයෙ කියන්න දෙයක් නෑ මේ චිත්‍රපටටය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔහුගේ රංගනයයි, මේක බලන කොයි කවුරුත් ඒක පිළිගනීවි. ඊට අමතරව මීට එකතු වෙලා තියෙනාවා ඉතාම දක්ෂ නිලියක් වෙන Mackenzie Davis සහ Aisling Franciosi / Alix West Lefler / Dan Hough / Scoot McNairy වැනි අය.

මේකෙ කතාව ගැන නම් මම වැඩි දෙයක් කියන්න යන්නෑ, ඒත් මම මෙහෙම කියන්නම් මේක තනිකරම ගොඩ නැගිල තියෙන්නේ බෙන්, ලුයිස් එයාලගෙ පුංචි දුව ඇග්නස් නිවාඩුවකට ඉතාලි ගිය වෙලාවක හම්බ වුණු නන්නාඳුනන පවුලක් මිත්‍රකරගෙන එයාලගෙ පිටිසර තියෙන ගොවිපලක නිවාඩුවකට යන කතාවක් කියලා. ඒ වගේම මට මේකත් සහතික වෙන්න පුළුවන්, පටන් ගත්තු වෙලාවෙ ඉදන් ඉවර වෙනකල්ම කුතුහලය, අත්භූතබව, ත්‍රාසය මදිනොකියන්න දීල තියෙන වැඩක් කියලා.

එහෙනම් තවත් කතා ඕන්නෑනෙ මේ වගේ කතාවකට ආස අයට බාගෙන බලන්නයි තියෙන්නේ. කතාව ගැනත් වැඩිය නොකීවේ බලනකොටයි ඒකෙ ආතල් එක තියෙන්නෙ නිසා.

Comments

October 9, 2024

Thank you.