EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageStar Wars Episode 3 – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස…
මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. 😛
මේක හුඟක් “වෙනස්ම” කොටසක් කියන්න පුළුවන්.අපට හිතාගන්නවත් බැරි දේවල් ටිකක් තමා මේකෙ සිදු වෙන්නේ.මේකේ ප්‍රධානම දේ තමා ඇනකින්ගේ වෙනස් වීම.ජෙඩයි කෙනෙක් වෙලා ඉඳපු ඇනකින් මේ කොටසෙදී සිත් ලෝඩ් කෙනෙක් වෙනවා! හිතාගන්නත් අමාරුයි නේද? ඒ ඔහුගේ බිරිඳත්, ඔහුට තමන්ගේ හිත පාලනය කරගන්නත් බැරි උන නිසා.ඔහුට මේකෙදී හීන පේනවා.ඒ හීන වල තියෙන්නේ පාඩ්මේ මැරෙන විදිය.(මේ අතර ඔවුන්ට නිවුන් දරුවන් දෙන්නෙකුත් ඉන්න බව ඔයාලට දැනගන්න පුළුවන්.)ඉතින් සිත් ඔහුට කියනවා ඇයව බේරගන්න අඳුරට එක් එන්න කියලා.ඉතින් එහෙම තමා ඔහු සිත් ලෝඩ් කෙනෙක් වෙන්නේ. (කොහොම උනත් ඇය මැරෙනවා) සිත් ලෝඩ් උනාට පස්සේ ඔහුගේ නම ඩාර්ත් වේඩර් විදියට වෙනස් වෙනවා.ඒවගේම එතකොට තිබිච්ච ජනරජය අධිරාජ්‍යක් වෙනවා.ඒවගේම ඔයාලට මේකෙදී අපේ චාන්සලර්තුමාගේ නියම ස්වරූපය දැනගන්න පුළුවන්.මේ ෆිලුමේ සිද්ධ වෙන තවත් වැදගත් දෙයක් තමා, ජෙඩයිවරු හා සෙනෙට් සභිකයන් සමූලඝාතනය වීම. 🙁 ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ මාස්ටර් යෝඩා, ඔබි-වන් කෙනොබි හා සෙනෙට් සභික ඕගානා ඇතුළු කීප දෙනෙකුට විතරයි.අන්තිමටම ඔයාලට බලාගන්න පුළුවන් ගුරු-ගෝල සටනකුත්.ඒ ඇනකින් හා ඔබි-වන් අතරයි.ඒවගේම මේකෙදී තමා ලූක්ගේ හා ලේයාගේ උපත සිදු වෙන්නෙත්.ඉතින් මේ ප්‍රශ්න වලට මේ සලරුව නරඹලා පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😀











