EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 7- The Force Awakens (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aaron C. Fitzgerald, Albertine Selvik, Andrew Mannion, Andrew Vanneck, Barnaby Riggs, Ben Dixon, Chloe Chesterton, Christophe Le Chanu, Clare Glass, Dawn Gilliam, Edward Bellamy, Eileen Yip, Fraser Fennell-Ball, George Max Trummler, George Walker, Gladys San Juan, Grace McInnes, Holly Gardner, J.J. Abrams, Jasmin Moradian, Jason Blumenfeld, Joey Coughlin, Laura Wootton, Lizzie Pritchard, Rickie-Lee Roberts, Roger Guyett, Scott Owen, Siggi Kjartan, Stephanie Jolly, Stephen Godenzie, Tarik Afifi, Teariki Leonard, Tom Reynolds, Tommy Gormley
Cast
Go Full Cast PageStar Wars: Episode 7 – The Force Awakens (2015) | හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත,
තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි නයිට්වරුන් නැවතත් කරළියට අරගෙන එන්නට සමත් වුණා.
මේ වසර ගණනාව පුරාවටඔබ ඇතැමෙක් ලූක් එක්ක සුහද වෙන්නට ඇති, තව කෙනෙක් ලේයා හා පෙමින් වෙළෙන්නට ඇති, කොහොම එහෙම නොවෙන්නද ජාබා අපේ මතකයේ ලේයා සදාතනික ලෝකය ප්‍රතිමාවක් බවට පත් කරන කොට. නමුත් දෛවයේ සරදමකට වගේ බොහොම දෙනෙක් ආදරය කරන වීරයා ඇත්තටම ලෝදිය අච්චුවක් සිප ගත්තේ අපේ බලාපොරොත්තු සුන් කරමින්. නමුත් නැවතත් කැරලිකරුවන් හා එක්වන්නට ලෝකයේ සොඳුරුතම යානය පැද යන්නට ඔහු පැමිණියා ජෙඩායි නයිට්වරුන් සමග. ඉතින් ඒ තමයි අපේ සෝලෝ, මතකද චුවී? කොහොම අමතක වෙන්නද නේද?
ඔය අතරේ අමතක නැතුව ඇති කියලා හිතනවා ලෝහ කදන් වුණත් අපේ කෙළි බඩු වුණ R2D2 හා C3PO කියන ජෝඩුවත්. නමුත් මේ ඔක්කොටම ඉහළින් අපේ ගුරුතුමා, නුවණැත්තා, මාර්වල් විශ්වයේ කොළ දැවැන්තයා පරයා යා හැකි කොළ මිට්ටා “යෝඩා”. ඔහුගේ ගුරුහරුකම් මේ ගමන් මග පුරාවට අපිට ලැබුණා. කොහොම නමුත් අවසානයේ ජෙඩායි නයිවරුන්ගේ නැවත ආගමනය එකක් අපි වසර ගණනක් ඔබ නැතුව කාලය ගෙව්වා.
1999 වසර උදා වෙන්නේ අපේ සිත් සතන් නැවතත් බලාපොරොත්තු සයුරේ ගිල්වාලමින්. නමුත් ලෝකයේ සියල්ල නැසෙන සුළුබව මේ විශ්ව සංග්‍රාමය ඔප්පු කළේ වැල නොකැඩි අප වෙත පැමිණි බාලා ගණයේ සලරූ තුනකින්. එදා මෙදා තුර සිනමාවේ වැඩිම කතාබහක් සඳහා මාතෘකා සැපයූ දුෂ්ටයා ඔවුන් අටෙන් පොත්තෙන් විශ්වය දකින්නට නොහැකි රුකඩක් කර තිබ්බේ අපි හැමෝගෙම සිත් සතන් දුකට පත් කරමින්. ඒ භයානක හීනය අවසන් වුණත් එකක් අපේ බලාපොරොත්තු සදහටම මියැදෙමින් තිබ්බේ නැවතත් විශ්වයේ චාරිකාවක් යන්නට ඇති අවස්ථාව ගැන.
ඔව් අපි නෝලන් හා විශ්වයේ සැරි සරුවා, ජේම්ස් ගන් නොසිතු වීර චාරිකාවක් එකක් ගියා මේ අතරේ චිත්‍රපටි ලෝකේ රසිකයෙන් තමුන්ගේ වැඩ පෙම්වමින් නැගී හිටියා, ඔහු නමින් J.J. මුලින් වැළලී ගිය තාරකා ගමන් මගක් වෙහෙස දරා හරි මාවතට ගන්නට සමත් කම් පෑ ඔහු මේ හිස් මුදුනින් පිලි ගත්තා තාරකා යුද්ධයක් වෙත අපි ඔබ රැගෙන යන්නට තිබූ අවස්ථාව…
නමුත් ලෝකය වෙනස් වෙලා, ප්‍රේක්ෂක සිත් සතන් අදුරු වලාවකින් වැහිලා, කිසිවෙකුට අමතක නැහැ අපේ තරුලොව ගනදුරේ හෙලූ චිත්‍රපට ත්‍රිත්වය. නමුත් අපේ සිත් සතන් තරමක් සැනසෙනවා මාක්, කෑරී, හැරිසන් වැනි ජීවමාන යෝධයන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු වාසභුමියට පැමිණීමට ලැබෙන අවස්ථාව දොහොත් මුදුනින් පිළිගන්නා විට. එලෙස ආරම්භය සනිටුහන් කල ශක්තියේ යළි පිබිදීම. ලෝකයම කලඹමින් පුර්ව ප්‍රචාරක පටයක් අපි වෙත නිකුත් කරන්නට සමත් වුණා. ඒ ඇති අපේ ඇස් කන් විවර කරන්නට….
ඉතින් IMDB මීටරය 8.4 ක් යනකම් කරකැවූ ලෝකයේ හොඳම චිත්‍රපටි ගොන්නේ 87 වැනි තැන දිනු, ලොව පුරා ඩොලර් බිලියන 2.05 ක් මේ වෙනත් උපයා නොනැවතී ගමන් කරන මේ අතිමහත් විශ්වය අද ඔබට බාරයි එහෙනම්.











