EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Status Update (2018) | මැජික් ඇප් එකක්??

 

හායි…. මම කයිල්.
මම ස්කොලේ එච්චර ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි.
පහුගිය සතිය වෙනකන්.
පස්සේ මම මගේ තත්ත්වය යාවත්කාලීන කළා.
හරි එහෙනං අපි මුල ඉදන් පටන් ගමුද.

කොහොමද ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට කරන්න පුළුවන් සිතුම් පැතුම් ඉෂ්ට කරන මැජික් ඇප් එකක් තිබුනොත්..

හරි යාලුවනේ… ඔන්න එහෙනං හුග කාලෙකට පස්සේ මම අයෙත් ආවා සුපිරි බයිස්කෝප් එකක් අරන්. මේ තමයි මගේ 3 වෙනි උපසිරැසිය. මේක කරලා ගොඩක් කල්. එත් ලිපිය ලියන්න කම්මැලි කමට හුගක් කල් ගියා.

හරි මේ ෆිල්ම් එක ගැන කියනවනං මේකේ ප්‍රදාන චරිත විදිහට ross lynch, සහ සෙසු olivia holt, courtney eaton, diana bang, martin donavan, රංගනයෙන් දායක වෙනවා. imdb අගය 5.9 වගේ ලබාගෙන තියෙනවා. ඒවගේම මේ මූවි එක super natural,drama, romance ගණයට තම වැටෙන්නේ. විනාඩි 90ක් කම්මැලි නැතුව බලන්න පුළුවන්. සුපිරිම කතාවක් කිව්වොත් හරි.

හරි එහෙනන් අපි මේකේ කතාව ගැන පොඩ්ඩක් බලමු

අපි හැමෝටම හීන තියෙනවානේ. එත් ඒ හීන හැමදෙයක්ම ඒ විදිහටම අපිට ලැබෙන්නේ නැ. එත් අපිට ඒ හැමදෙයක්ම ඒ විදිහටම ලබාගන්න පුළුවන් උනොත් මොකද වෙන්නේ..

අවුරුදු 17 කොල්ලෙක්ට තියෙන්න පුළුවන් හීන මොනවද..?

මේ කතාවේ ප්‍රධාන චරිතේ තමා කයිල් කියන්නේ. කයිල්ගේ අම්මයි තාත්තයි වෙන් උනාට පස්සේ කයිල් ගේ අම්මා එයාලගේ තාත්තව දාලා ගොඩක් දුර එනවා. ඒ උනාට කයිල් එයාගේ තාත්තට හුගක් කැමති. කයිල්ට ඕනේ තාත්ත එක්ක ඉන්න. මේ හින්ද කයිල්ට යන්න වෙන්නේ අලුත් ස්කෝලෙකට. අලුත් ස්කෝලෙකට යන කයිල් ට එහෙදි ලැබෙන පිළිගැනීම නං එච්චර හොද නැ. අලුතෙන් ළමයෙක් අවම දන්නවනේ ස්කෝලෙකට. ඉතින් මෙයටත් එහෙ ඉන්න අය රැග් කරන්න ගන්නවා. ස්කොලේදී වෙන රන්දුවකදී කයිල් ගේ ෆෝන් එක කැඩෙනවා. මෙයා ෆෝන් එක හදාගන්න කියලා ලග තියෙන කඩේකට යනවා. එතනින් තම කතාව පටන් ගන්නේ. එහෙදි මෙයාට ෆෝන් එක හදන කෙනා APP එකක් දාලා දෙනවා. ඊටපස්සේ කයිල්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදිහට. ඔක්කොම කියන් නැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියල ඉතුරු ටික බලලම දැනගන්නකො.

Comments

September 11, 2025

🤩