EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStrange Darling (2024) | මිනීමරුවා කව්ද ?
මේ පාර මම ඔයාලට අරගෙන ආවේ මේ වසරේ අගෝස්තු මස ප්‍රදර්ශනය ආරම්භ කරපු J.T Mollner කියන අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරපු ” Stranger Darling ” කියන සිනමාපටය. Horror / Suspense කියන ෂානරයන්ට අයත් මේ සිනමාපටය තියෙන තවත් එක විශේෂත්වයක් තමා මේක රූපගත කරලා තියෙන්නෙ 35mm සිනමා කැමරාවකින් වීම.ඒ වගේම පටන් ගත්ත මොහොතෙ ඉදලා අවසානය දක්වාම කුතුහලය උපරිමයට ගලාගෙන යන මේ නිර්මාණයේ ඇත්තටම අපි මුලින් තේරුම් ගන්න දෙයනම් නෙමේ අවසානයේ සිද්ධවෙන්නෙනම්.
Willa Fitzgerald ( Reacher – Tv Show , Scream – Tv Show), Kyle Gallner ( Smile 1, 2 – Jenifer’s Body ) යන දෙපල ප්‍රධාන රංගනයේ නියැලෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක සේම විචාරක පැසසුමුත් බොහෝමයක් ලැබිලා තියෙනවා. කොටින්ම Imdb දර්ශකයේ ලකුණු 7.2/10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 95% කුත් මේ සිනමාපටයට ලැබිලා තියෙන එකෙන්ම ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.
මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ කතාව මන් පැහැදිලි කිරීමෙන් වැලකී ඉන්න කැමති.එතකොට කතාවේ රහ ටිකක් අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක බලලම ඒ ට්විස්ට් එක විදින්න කියලා
Share
Links
Comments
November 7, 2024












