EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sully (2016) | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය

 

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක්  අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා නම් සමා වෙන්න හොඳද කට්ටිය.

මේක ගැන් ලොකු විස්තර ඕන නෑනේ කට්ටිය දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ගැන. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් කරපු නිර්මාණයක්. 2009 ජනවාරි 15 වෙනිදා ඇමරිකාවෙ නිව් යෝක් වල හඩ්සන් ගඟට ගොඩබාපු ප්ලේන් එක ගැන කතාව තමා මේ. ඒක ගුවන් තොටින් උඩට අරන් වැඩිදුර යන්න හම්බවෙන්නෙ නෑ මොකද පාත්තයො රංචුවක් ඇවිත් වැදිලා මේකෙ එන්ජින් දෙකම අක්‍රීය වෙනවා. ඉතින් පාලන කුලුනෙන් නැවත් ගුවන් තොටුපොලට එන්න කිව්වත් මේ යානයේ කැප්ටන් චෙස්ලි “සුලී” සුලෙන්බර්ගර්ට තමන්ගේ අත්දැකීමෙන්  තේරෙනවා ඒක අවදානම් කියලා. ඒ නිසා එයා තීරණය කරනවා යානය හඩ්සන් ගඟට ගොඩබාන්න. ඒ විතරක් නෙවෙයි යානයේ කාර්ය මණ්ඩලයත් එක්කම හිටපු 155 දෙනාගෙම ජීවිතත් එයා බේර ගන්නවා.

කොහොම උනත් එයා පාලන් කුලුනෙන් කියපු විදියට ආපහු ගුවන්තොටුපලට ආවෙ නැති නිසා මේයාට විරුද්දව එනවා ගුවන් යානා සමාගම සහ රක්ෂණ සමාගම්. එයා මේ හැමදේකටම මූණ දෙන විදිය ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ෆිල්ම් එකේ රඟපාන අය ගැන නම් ආපහු කියන්න දෙයක් නෑ. කැප්ටන් සුලී විදියට Tom Hanks සහ ඔහුගේ සහාය ගුවන් නියමු ජෙෆ් ස්කයිල්ස් විදි‍යට Aaron Eckhart නුත් රංගනයෙන් දායක වෙනවා. එයාල ගැන ආයෙ මොන කතාද නේ. ඉතින් මේ ෆිල්ම් එකට IMDB එකේ 7.6ක අගයකුත්Rotten Tomatoes හි 85%ක අගයකුත් ලැබිලා තියනවා. වැල් වටාරම් ඕන නෑ. සුපිරිම ෆිල්ම් එකක්.ඉතින් කාටත් බාගෙන් බලන්න කියලා ආරාධනා කරනවා.

Comments