EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sunny Sanskari Ki Tulsi Kumari (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Shashank Khaitan, Sidhanth Uberoi
Cast
Go Full Cast PageSunny Sanskari ki Tulsi Kumari (2025) | “ සනිගේ සහ තුල්සිගේ ආදරය ”
ඔන්න බොලිවුඩ් පිස්සන්ට සුපිරිම ආරංචියක්! කරන් ජෝහාර්ගේ ධර්මා ප්‍රඩක්ෂන්ස් එකෙන් ආයෙත් පට්ටම ලව් ස්ටෝරි එකක් අරගෙන ඇවිල්ලා. මතකනේ “හම්ප්ටි ශර්මා” සහ “බද්‍රිනාත්” චිත්‍රපට ටික? අන්න ඒ වගේම හිනා වෙවී, ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි Sunny Sanskari ki Tulsi Kumari කියන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ ශෂාන්ක් කයිතාන්.
මේ පාර අපේ ආදරණීය වරුන් ධවාන් එක්ක ජෝඩුවට ඉන්නේ හැඩකාර ජාන්වී කපූර්. මේ දෙන්නගේ කෙමිස්ට්‍රි එක ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ වගේම සාන්‍යා මල්හෝත්‍රා සහ රෝහිත් සරාෆ් වගේ තරුණ සෙට් එකකුත් මේකේ වැඩ පෙන්නන්න ලෑස්තියි.
කතාව ගැන කියනවා නම්, “සනි සංස්කාරි” කියන්නේ නමේ හැටියටම හරිම සංස්කෘතික, අහිංසක, දෙමව්පියන් කියන දේ අහන අමුම අමු ගැමි ටයිප් කොල්ලෙක්. හැබැයි මෙයාට සෙට් වෙන්නේ කාවද? “තුල්සි කුමාරි”ව! මෙයා නම් සනි වගේ නෙවෙයි, ටිකක් මොඩර්න්, කටකාර සහ නිදහස් කෙල්ලෙක්. ඉතින් හිතාගන්නකෝ මේ වගේ දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්තම වෙන ජංජාල ටික?
පවුලේ හැමෝටම එකට ඉඳගෙන බඩ පැලෙනකල් හිනාවෙන්න පුළුවන්, ඒ වගේම හිතට දැනෙන ආදර කතාවක් බලාගන්න ඕන නම් මේක තමයි නියමම ෆිල්ම් එක. පරණ තාලේ සනි සහ අලුත් තාලේ තුල්සිගේ ආදරේ දිනයිද කියලා බලන්නම ඕන!









