EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….?

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල තාරකා බෝම්බයක්. අපේ කාර්යය තරුවක් තුළින් නව තරුවක් බිහි කිරීම. හදිස්සියෙවත් අපිට එළිය දෙන ඉර නැති වුණොත් මොනවා වෙයිද? මුළු ලෝකෙම හිමෙන් වැහෙයි. ගස් වැල් ඔක්කොම වෙලා යයි. ආහාර නිපදවා ගන්න ක්‍රමයක් නැති වෙයි. සත්තු මැරෙන්න පටන් ගනියි.

මේ චිත්‍රපටියත් ඒ ගැන තමයි.

අලුත් ඉරක් හදන්නේ කොහොමද? ඒ මෙහෙයුමට දයක වෙන්නේ මොන වගේ අයද? අතරමගදී මොන වගේ බාධක එයිද? මෙහෙයුම සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද? අන්තිමටම … අපිට අලුත් ඉරක් ලැබෙයිද? කියල දැන ගන්න වෙන්නේ බලලම තමයි. විද්‍යාත්මක දේවල් ගොඩක් තිබුණ නිසා වැරදි නම් අම්බානකට ඇති. වැඩිය බනින්න නම් එපා. මොකද මේ වැහි දවස් වල හෙම්බිරිස්සාව හැදුණෝත් ඒම හරි අමාරුයි. එහෙනම් බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්න.

Comments