EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageT-34 (2018) | නිදහස උදේසා හුදකලා සටනක!
ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේක සුපිරි ගණයේ නිර්මානයක් කියන එක. මේක අධ්‍යක්ෂනය වගේම තිර රචනය කරලා තියෙන්නෙ Aleksey Sidorov කියන රුසියානු අධ්‍යක්ෂකවරයෙක්. එහෙමනම් අපි මේකේ ස්ටොරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු.
මේකේ ස්ටෝරිය ගලායන්නෙ දෙවන ලෝක යුද්ධ සමයට. ඒ වනවිට රුසියාවේ රතු හමුදාවයි ජර්මනියයි යුද්දෙක පැටලීලා ඉන්නෙ. ජර්මන් හමුදාව හමුවේ තරමක් අසීරු මට්ටමක තමයි රතු හමුදාව පවතින්නේ. ඒ අවස්ථාව වෙනකොට රතු හමුදාවේ යුධ ටැංකි බලගණයෙන් හරි අඩක්ම විනාශ වෙලා. කොහොම හරි ඒ ජරමර අස්සෙ රතු හමුදාවේ නව ලුතිනන්වරයකු සේවයට වාර්තා කරනවා ඉවුස්කින් කියලා. ඔහුට පැවරෙන රාජකාරිය වෙන්නෙ ජර්මානුවන් නේපඩ් ගම්මානයට ඇතුළු වෙන නතර කරන්න. නමුත් ඔවුන්ට ඒක කරන්න ලැබෙන්නෙ එක් යුද්ධ ටැංකියක් විතරයි. මම එහෙම කියද්දි ඔයාලා බලයි එක් යුද ටැංකියකින් ජර්මන් හමුදාව නතර කරන්නෙ කොහොමද කියලා. කොහොමෙන් කොහොම හරි සිදුවීම් රාශියකින් පස්සෙ ඔවුන් ජර්මන් හමුදාවට කොටුවෙනවා. ඔවුන්ව ජර්මානු සිර කදවුරකට රැගෙන යනවා. මෙතනින් එහාට මම මේ බයිස්කොප් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ . ඔයාලම මේක බලලා හොයාගන්නකෝ ඉවුස්කින් ඇතුළු පිරිසට ජර්මානු අදිබලැති පැන්තර් යුධ ටැංකි පරාජය කරලා ජයග්‍රහණය කරා ගමන් කරන්න පුළුවන් වේවිද කියලා.
මම හැමෝටම ආරාධනා කරනවා මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා. මොකද කිව්වොත් මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මට බලලා දාන්න පුලුවන් විදිහේ බයිස්කොප් එකක්.











