EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Taken 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTaken 3 (2014) | ඇය වෙනුවෙන්….
MDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකරගෙන ඇති ක්‍රියාදාම සහ ත්‍රාසජනක නමැති කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළේ2015 වසරේ ජනවාරි 9 වන දිනයේදී. එදා පටන් මෙය දර්ශන වාරයන්ගෙන් උපයාගන්න සමත්වුන ආදායම ඩොලර් ලක්ෂ 773 ක්.ප්‍රධාන චරිතය වන බ්‍රයන්ගේ චරිතයට පණ පොවන්නේ පුරුදු පරිදිම Liam Neeson.
තවමත් පුංචි ළමයෙක් යයි සිතා සිටින බ්‍රයන් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයව බැලීමට යන්නේ විශාල පැන්ඩෙක් අරගෙන. ඒත් ඒක ගැලපෙන්නේ තමන්ගේ දුවට ළඟදීම ලැබෙන්න ඉන්න සිඟිත්තට බව නම් බ්‍රයන්ට ඒ වෙලාවේ දැනගන්න ලැබෙන්නේ නෑ.කොහොම හරි දුවගේ හමුවීම සාර්ථක නොවුන බ්‍රයන් කතාකරනවා කලින් බිරිඳට. ලැබෙන ආරාධනාවෙන් බ්‍රයන්ව බලන්න එන බිරිඳගෙන් බ්‍රයන්ට දැනගන්න ලැබෙනවා සෙන් ජෝන් එක්ක තියන විවාහ ජීවිතය දෙදරා යාමට ආසන්න බව.ඒ අවස්ථාවේ බිරිඳගෙන් නුරා ආරාධනාවක් ලැබුනත් එය බ්‍රයන් විසින් ප්‍රතික්ශේප කරන්නනේ මහත්මා ගතියෙන්.එතනින් ඔවුන්ගේ කතාබහ අවසන් උනාට ඔවුන්ගේ ජීවිත කතාවට එතනින් නවමු ආරම්භයක් ලැබෙනවා.
ඊළඟ දවසේ බ්‍රයන්ව මුණගැහෙන්න ස්ටුවර්ට් එනවා.ඔහු ඉල්ලන්නේ ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කම් තමන්ගේ බිරිඳව හමු නොවී ඉන්න ලෙස.නමුත් ඊළඟ දවසෙම ලෙනෝර්ගෙන් පණිවිඩයක් ලැබෙනවා ඇයට ඔහුව මුණගැහෙන්න අවශ්‍ය බව. ඒ හමුවීමෙන් මේ ජීවිත කෙසේ වෙනස් වෙයිද….
ඉතුරු කතාව බලන්න වෙන්නේ ඔබටම තමයි. ඉතින් කතාව බලන්න












