CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4481 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 27, 2015India139 Min.
Your rating: 10
8.8 16 votes
Tamasha (2015) |ඇයි නිතරම එකම කතාව..?

2014 ජූලි මාසයේදී ප්‍රංශයේ කොර්සිකා වලදී රූගත කිරීම් ආරම්භ කෙරුණු මේ සලරුවේ නම තමයි Tamasha(තමාෂා)… ඒකෙ තේරුම ගත්තොත් තමශාව, දර්ශනය, නාට්ටිය වගේ තේරුම් රාශියක් එනවා. බොලිවුඩ් සිනමාව ගැන උනන්දු අය නම් දැනටමත් දන්නවා මේකේ ප්‍රධාන චරිත කවුද කියලා. ඔවුන් මේ චිත්‍රපටිය එනතුරු ගොඩ උනන්දුවෙන් තමයි බලාගෙන උන්නේ. මොකද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ කලක් බොලිවුඩයේ ආදරබර කුරුළු ජෝඩුවක් වෙලා සිටි රන්බීර් කපූර් සමගින් දීපිකා පදුකෝන්. බොලිවුඩයට බිහිවුණු තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ඉමිටියාස් අලී තමයි මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ. ඉමිටියාස් අලී කියන්නේ බොලිවුඩයට ගොඩක් ලස්සන සම්මානනීය චිත්‍රපට රැසක් දායාද කල කෙනෙක්. Jab We Met(2007), Love Aaj Kal(2009), Rockstar(2011), Highway(2014), වගේ චිත්‍රපටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටි ලයිස්තුවේ මූලික තැනක් ගන්නවා.

ඒ වගේම දීපිකා පදුකෝන් Love Aaj Kal හිදී සහ රන්බීර් කපූර් Rockstar(2011) හිදී ඉමිටියාස් අලී එක්ක වැඩ කරලා තියෙනවා. මෙහිදී Love Aaj Kal වසරේ හොඳම අධ්‍යක්ෂක සහ වසරේ හොඳම චිත්‍රපටියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා වගේම, Rockstar(2011) චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය යන ෆිල්ම් ෆෙයාර් සහ අයිෆා සම්මාන සියල්ලම දිනාගන්න ඒ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඉතින් ඔය දෙකේම වැඩකාරයෝ සෙට් එක එකතු වෙලා තමයි තමාෂා චිත්‍රපටිය සිනමාවට නගන්නේ. සංගීත අධ්‍යක්ෂණයෙන් A.R Rahman, නිෂ්පාදනයෙන් Sajid Nadiadwala, ගීත රචනයෙන් Irshad Kamil සහ ඉමිටියාස් අලීගේම පිටපත් රචනයෙන් මේ සලරුව සිනමාවට නැගෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියන්න ඕනද? එක්කෝ ඕන නෑ. ඔයාලාට කොහොමත් මේක මගහැරලා යන්න බැරි චිත්‍රපටියක් වෙනවා. ඒත් ඉමිටියාස් අලීගෙන් චිත්‍රපටිය තිරගත වෙන්න කලින් චිත්‍රපටියේ කතාව ගැන ඇහුවම මෑන්ස් මෙහෙම කියලා තියෙනවා. ” ඔබට යම් කෙනෙක් හමුවනවා, ඔබ ඔහුට වශී වනවා. ඔහු නිදහසේ ගලාගෙන යන කෙනෙක්. ඔබේ වර්ගයට අනුව ඔබට ඔහුට සම්බන්ධ විය නොහැකියි. නමුත් වසර ගණනාවකට පසු ඔබට ඔහුව මුණ ගැහුණු විට. ඔහු මුළුමනින්ම වෙන කෙනෙක්. “

Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 7.3 /10 30,092 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Imtiaz Ali
Director

Cast

Ranbir Kapoor isVed Sahni
Ved Sahni
Deepika Padukone isTara Maheshwari
Tara Maheshwari
Piyush Mishra isStoryteller
Storyteller
Vivek Mushran isVed's Boss
Ved's Boss
Javed Sheikh isVed's Father
Ved's Father
Ishtiyak Khan isRajesh Autowala
Rajesh Autowala
Kshitij Sharma isTheatre Artist
Theatre Artist
Yash Sehgal isYounger Ved
Younger Ved
Faraaz Servaia isTara's Brother
Tara's Brother

Similar titles

Nail Polish (2021) Sinhala Subtitles
The Mehta Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Notice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Dil Bechara (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
El Camino (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night School (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published