EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTamasha (2015) |ඇයි නිතරම එකම කතාව..?
2014 ජූලි මාසයේදී ප්‍රංශයේ කොර්සිකා වලදී රූගත කිරීම් ආරම්භ කෙරුණු මේ සලරුවේ නම තමයි Tamasha(තමාෂා)… ඒකෙ තේරුම ගත්තොත් තමශාව, දර්ශනය, නාට්ටිය වගේ තේරුම් රාශියක් එනවා. බොලිවුඩ් සිනමාව ගැන උනන්දු අය නම් දැනටමත් දන්නවා මේකේ ප්‍රධාන චරිත කවුද කියලා. ඔවුන් මේ චිත්‍රපටිය එනතුරු ගොඩ උනන්දුවෙන් තමයි බලාගෙන උන්නේ. මොකද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ කලක් බොලිවුඩයේ ආදරබර කුරුළු ජෝඩුවක් වෙලා සිටි රන්බීර් කපූර් සමගින් දීපිකා පදුකෝන්. බොලිවුඩයට බිහිවුණු තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ඉමිටියාස් අලී තමයි මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ. ඉමිටියාස් අලී කියන්නේ බොලිවුඩයට ගොඩක් ලස්සන සම්මානනීය චිත්‍රපට රැසක් දායාද කල කෙනෙක්. Jab We Met(2007), Love Aaj Kal(2009), Rockstar(2011), Highway(2014), වගේ චිත්‍රපටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටි ලයිස්තුවේ මූලික තැනක් ගන්නවා.
ඒ වගේම දීපිකා පදුකෝන් Love Aaj Kal හිදී සහ රන්බීර් කපූර් Rockstar(2011) හිදී ඉමිටියාස් අලී එක්ක වැඩ කරලා තියෙනවා. මෙහිදී Love Aaj Kal වසරේ හොඳම අධ්‍යක්ෂක සහ වසරේ හොඳම චිත්‍රපටියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා වගේම, Rockstar(2011) චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය යන ෆිල්ම් ෆෙයාර් සහ අයිෆා සම්මාන සියල්ලම දිනාගන්න ඒ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඉතින් ඔය දෙකේම වැඩකාරයෝ සෙට් එක එකතු වෙලා තමයි තමාෂා චිත්‍රපටිය සිනමාවට නගන්නේ. සංගීත අධ්‍යක්ෂණයෙන් A.R Rahman, නිෂ්පාදනයෙන් Sajid Nadiadwala, ගීත රචනයෙන් Irshad Kamil සහ ඉමිටියාස් අලීගේම පිටපත් රචනයෙන් මේ සලරුව සිනමාවට නැගෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියන්න ඕනද? එක්කෝ ඕන නෑ. ඔයාලාට කොහොමත් මේක මගහැරලා යන්න බැරි චිත්‍රපටියක් වෙනවා. ඒත් ඉමිටියාස් අලීගෙන් චිත්‍රපටිය තිරගත වෙන්න කලින් චිත්‍රපටියේ කතාව ගැන ඇහුවම මෑන්ස් මෙහෙම කියලා තියෙනවා. ” ඔබට යම් කෙනෙක් හමුවනවා, ඔබ ඔහුට වශී වනවා. ඔහු නිදහසේ ගලාගෙන යන කෙනෙක්. ඔබේ වර්ගයට අනුව ඔබට ඔහුට සම්බන්ධ විය නොහැකියි. නමුත් වසර ගණනාවකට පසු ඔබට ඔහුව මුණ ගැහුණු විට. ඔහු මුළුමනින්ම වෙන කෙනෙක්. “


