CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2724 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 10, 2017United States55 Min.
Your rating: 0
8.8 6 votes
Tangled: Before Ever After (2017) | සදහටම ඔබ මගේ (වීමට පෙර)

කොහොමද කට්ටියට… මේ අරගන ඇවිත් තියෙන්නේ කාටුන් රසිකයින් පුල පුලා බලා සිටි සුන්දර කතාමාලාවක්. 2010 ඩිස්නි සමාගම විසින් නිපදවන ලද Tangled කතාමාලාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ජර්මන් සුරංගනා කතාවක් පාදක කරගෙන ගොඩනැගුනු Tangled කතාව Nathan Greno සහ Brian Howard දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙලා අප අතරට එනවා.

මේ වෙනකොට අපි හැමෝම බලලා හොදින්ම දන්න කතාවක් වුනත් මේ ගැන කෙටියෙන් මතක් කරන්නම්. මායාකාර හිරු එළිය බිදුවකින් නිර්මාණය වෙන මායා මලක් තියෙනවා කැලේ මැද. ගෝතල් කියන මායාකාරි ඒ මලට ගීත ගායනා කරලා තමන්ගේ සුන්දරත්වය සහ වයස්ගත වීම තාවකාලිකව නවත්වගන්නවා, ඒ රාජධානියේ රැජිණ දරුවෙක් ලැබෙන්න හොදටම අසනීප වෙලා රාජපුරුෂයන් ඇවිත් මේ මල් කඩාගෙන යනකන්ම. ඒ මලේ තියන බලයෙන් රැජිණ සුව වෙනවා, ඒවගේම රපන්zසල් කුමරියට උපත ලබාදෙනවා. දැන් අර මායා මලේ තිබුණු බලය කුමරියගේ දිගු කොන්ඩයට ලැබිලා තියෙනවා. කුමරියගේ උපතින් සතුටින් උදම් වුන රටවැසියන් උත්සව පවත්වමින් ඉද්දි ගෝතල් ඇවිත් කුමරිය පැහැරගනී ගිහින් අවුරුදු 18ක් තිස්සේ උස කුළුණක් හිර කරලා තියාගන්නවා. මෙතනදි තමයි ෆ්ලික් හයිඩ්‍රා කියන වංචාකාර හොරා ඇවිත් කුමරියගේ සිහිනය ඉටුකරන්න ඇයව රාජධානියට එක්කගෙන යන්නේ. අන්තිමට කුමරිය තමන්ගේ සැබෑ අම්මයි තාත්ත්වික එක්ක එකතු වෙනවා. හැබැයි කුමරියව ගෝතල්ගෙන් බේරගත්ත රයිඩර්ව බේරාගන්නේ කුමරිය විසින්. කොහොමවුණත් අන්තිමට කුමරියව ඇගේ දිග කොන්ඩය නැතිවෙනවා.

ඉන්පසු 2012 දී Tangled: Forever after කියලා කෙටි චිත්‍රපටයක් නිකූත් වෙනවා. ඒකෙදි රපන්zසල් කුමරියගේ සහ ෆ්ලින් රයිඩර්ගේ විවාහය අපිට දැන් ගන්න පුලුවන් වෙනවා. විවාහ උත්සවයේ මුදු රැගෙන එන මැක්සිමස් සහ පැස්ටල් දෙන්නට වෙන අකරතැබ්බයක් පාදක කරගෙන අතිශය චමත්කාරජනක විදියට නිපදවලා තියන මේ කෙටි චිත්‍රපටය කාටුන් රසිකයින් අමන්දානන්දයට පත්කරමින් නිකුත් වුනා කාටත් මතකඇති කියලා හිතනවා. බැලුවේ නැත්නම් අදම බලන්න.

දැන්. 2017 දී Tangled: Before Ever after අද මේ අරගන ඇවිත් තියන රූපවාහිනි චිත්රපටය නිකුත් වෙනවා. එකේ සදහන් වෙන විදියට රපන්zසල් කුමරියගේ සහ රයිඩර් විවාහය දක්වා ගියපු ගමන වික්‍රම වලින් පිරුනු සුන්දර ගමනක්. ඇත්තටම අද ඔබට දැකගන්න පුළුවන් වෙනවා ෆ්ලින් රයිඩර් රපන්zසල් කුමරියට විවාහ යෝජනා කරන විදිය. ඇය විවාහ යෝජනාවට කැමති වේවිද? ඒ වගේම තමයි අද කතාවෙදි මේ වෙනකොට රයිඩර්ටත් වඩා කෙටි කොන්ඩයක් තියෙන රපන්zසල් කුමරියට එක රැයක් එලි වෙනකොට ශක්තිමත් දිගු කොන්ඩයක් පහල වෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් වෙන්නේ ඉතිං කතාව බලලා ම තමයි .

Tangled: Before Ever after රූපවාහිනී චිත්‍රපටයට පසුව සතිපතා Tangled : The series කතා මාලාව විකාශය ආරම්භ වෙනවා. එතකොට හෙට ඉදන් දිනපතා ඔබට තවමත් විකාශය අවසන් වී නොමැති Tangled : The series කතාමාලවත් සමග එකතුවෙන්න පුළුවන්. රපන්zසල් කුමරිය සහ ෆ්ලින් රයිඩර් එකතුවෙලා සිදුවෙන වික්‍රමයන් බලන්න ඔබට ඉදිරියේදී අවස්ථාව ලැබේවි. Tangled (2010) නිර්මාණයට දාකයවුන අධ්‍යක්ෂකවරුන්, හඩ නළු ශිල්පීන් ඇතුළු කාර්යමණ්ඩලයම තමයි මේ කතා සියල්ලටම පාහේ දායකත්වය දක්වලා තියෙන්නේ. ඒ නිසා ඉතිං චිත්‍රපටයේ තියෙන ගුනාත්මයෙන්ම ටීවි කතා මාලාවත් ගලාගන යනවා.

Tangled ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

01.
Tangled (2010)

02.
Tangled Ever After (2012)

03. Tangled: Before Ever After (2017)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුරේනි අතුරුගිරි (Baiscopelk)
IMDb 6.5 /10 2,926 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mandy Moore isRapunzel (voice)
Rapunzel (voice)
Zachary Levi isEugene Fitzherbert (voice)
Eugene Fitzherbert (voice)
Eden Espinosa isCassandra (voice)
Cassandra (voice)
Clancy Brown isKing Frederic (voice)
King Frederic (voice)
Julie Bowen isQueen Arianna (voice)
Queen Arianna (voice)
Laura Benanti isLady Caine (voice)
Lady Caine (voice)
Jeffrey Tambor isBig Nose (voice)
Big Nose (voice)
M.C. Gainey isCaptain of the Guard (voice)
Captain of the Guard (voice)
Sean Hayes isPete the Guard (voice)
Pete the Guard (voice)
Diedrich Bader isStan the Guard (voice)
Stan the Guard (voice)

Similar titles

Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Grandpa (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mitron (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Forbidden Kingdom (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Incredibles (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey King Reborn (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
අ සයිලන්ට් වොයිස් (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published