EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thallumaala (2022) Sinhala Subtitles | “වසීම් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්”

Thallumaala (2022) Sinhala Sub
Thallumaala (2022) Sinhala Subtitle
Thallumaala (2022) Sinhala Subtitles

ෆිල්ම් එකේ නම Thallumaala (2022) , මේ අවුරුද්දෙ මම දැනුවත් විදිහට ආදායම අතින් මුල් තුන්වෙනියා අතර ඉන්න මලයාලම් ෆිල්ම් එකක් , කෝටි 71.36 මාසයකටත් අඩු කාලෙකදි හෙව්වා , මලයාලම් සිනමාවෙ දැනට 9 වෙනියට ආදායම හොයපු ෆිල්ම් එක තමයි මේකතිර රචණයට, සංගීතයට සහ සටන් වලට ප්‍රේක්ශකයන්ගෙ හොද ප්‍රතිචාර තිබුනා

Action Comedy Drama කාණ්ඩයන්ට අයත් IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ගන්න සමත් වුන මේ ෆිල්ම් එකට සුපිරි මලයාලම් නලු Tivino Thomas එක්ක Kalyani Priyadarshan තමයි ප්‍රධාන චරිත වලින් සම්බන්ධ වෙන්නෙ , මීට අමතරව Shine Tom Chako , Jhony Antony , Chemban Vinod Jose , Binu Pappu , Lukman Lukku ඇතුලුනලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ටොවීනොගෙ එකකට සබ් එකක් කරන පලවෙනි වතාව , ටොවීනොගෙයි කල්‍යානිගෙයි රගපෑම් එහෙමත් මරු , සාමාන්‍යයෙන් හොද ෆේමස්ම සිංදුවකට ඇරෙන්න සින්දුවලට උපසිරැසි නොකරත් මේ කතාවෙ සිංදු වලින් ගොඩකටම සබ් දීලා තියෙන්නේ

කතාව පැත්තට ගියොත් මේක ගහගන්න කතාවක් , වලි නම් වලි , වසීම් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක් , මෙයාට ඉන්නවා යාලුවො ටිකක් , ඒ ඔක්කොම වලි වලින් හොයාගනිපු අය , අද ගහගන්නවා , හෙට ඉදන් හොද යාලුවො , මෙහෙම ඉන්න වසීම්ට හදිස්සියෙ බීපාතුව මුණගැහෙනවා ,කොහොමින් කොහොම හරි දෙන්නා කසාද බදින්න යද්දි වසීම්ගෙ හීන විනාසවෙන්න අමුතු දේවල් ජීවිතේට සිද්දවෙන විදිහ ඔයාලම බලන්නකෝ…වැඩිය මුකුත් කියලත් බෑනෙ

Comments

September 14, 2022

Liger film eka danna