EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThanal (2025) | “ ගිනි අගුරු ”
අදර්වා , අශ්වින් හා ලාවන්යා රංගනයෙන්. අශ්වින්ගේ මේ විලන් චරිතය කරන පලවෙනි චිත්‍රපටය. විලන් වුනාට ඒක ප්‍රධාන චරිතයට සමගාමිව යන චරිතයක්.
තනල් නොහොත් අඩක් නොනිවුනු ගිනි අගුරු රවින්ද්‍ර මාධවන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයෙන් කැමරාකරණය ශක්ති සරවනන්, සංස්කරණය කලයිවානන් සංගීතය ජස්ටින් ප්‍රභාකරන් විසින්.
රවින්ද්‍ර මාධවන්
අදර්වගේ චිත්‍රපටයක් කියන්නේ අවුලක් නැතිව බලන්න පුලුවන් තත්වයක තියෙන ඒවා තමයි. මෙකත් හොදින් ගලාගෙන යන චිත්‍රපටයක්. අශ්වින්ගේ විලන් චරිතය පොඩ්ඩක් ගැම්ම මදිවගේ දැනුනත් කතාවේ හැටියට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
ඉතින් කතාවනම් වගකීමක් නැති පවුලේ එකම පුතා පවුලේ ඇතිවන ප්‍රශ්න නිසා පොලිස්කොස්තාපල් කෙනෙක් විදියට රස්සාවා බැදෙනවා. රස්සාවේ පත්වීම ගන්න යන දවසේම වෙන අකරතැබ්බයක්. වෙනස් කතාවක්. හොද ගලායෑමක්.



