EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThank You (2011) | සිනහව අතරින් කඳුලක් උපන්නා…
කතාව දිහාවට හැරුනොත් රාජ්(Bobby Deol), වික්‍රම්(Irrfan Khan), යෝගි(Sunil Shetty) කියලා අඹ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම විවාහකයි. ඒත් ගෑනු ළමයෙක් දැක්කම මෙයාලට එයාලගේ ලස්සන නෝනලා අමතක වෙලා යනවා. කොයි තරම් නෝනලා අමතක කරත් නෝනලා තුන්දෙනා නම් මෙයාලට පණ වගේ ආදරෙයි. ඒ බව එයාලත් දන්න නිසා කොහොමහරි එයාලගේ අනිත් ගෑනු ළමයි ගැන නෝනලාට අහු වෙන්න නොදී තියා ගන්න නොකරන දෙයක් නැති තරම්.
වික්‍රම් තමයි මාස්ටර් මයින්ඩ්.එයාලගේ ගෑනු ළමයි ගැන අහු වෙන්න යන හැම වෙලාවෙම වික්‍රම්ගේ මාස්ටර් ප්ලෑන් නිසා අනූනවයෙන් හරි බේරෙන්න රාජ්ටයි, වික්‍රම්ටයි පුලුවන් වෙනවා. රාජ් ගෑනු ළමයි අල්ල ගන්න දක්ෂයි වගේම කපටිකමින් තමන්ගේ බිරිඳ සංජනා(Sonam Kapoor) රවට්ටනවා. යෝගිට අනිත් යාලුවෝ දෙන්නා වගේ කපටිකමින් තමන්ගේ නෝනා රවට්ටන්න බැරි වෙනවා. ඒ අපේ කතාවේ වීරයා කිශන්(Akshay Kumar) නිසා.
ඉතින් මේ කිශන්ට පුලුවන් වෙයිද රාජ්ගෙයි, වික්‍රම්ගෙයිත් ඇත්ත එළි කරන්න. ඇයි කිශන් මේ වගේ දේවල් කරන්නේ… කියලා දැන ගන්න මේ චිත්‍රපටිය නරඹන්න.
සරල,කොමඩියක් වුනත්, සංකීර්ණ සමාජ යථාර්තයක් මේ කතාවට යටින් තියනවා. පුලුවන් අය බාගෙන බලන්න, ඒ ගමන් ඔයාලගේ වටිනා අදහස් කියන්න


