EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Bikeriders (2023) | යතුරුපැදි ධාවකයෝ

 

 

 මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ ඇමරිකානු ඡායාරූප මාධ්‍යවේදියෙක් වන Danny Lyon විසින් මේ නමින්ම රචිත කෘතියයි.ඇත්තටම ඔහු මේක නිර්මාණය කරලා තියෙන්නෙ 1968 දී. ඒ වගේම මේ සිනමාපටයට පාදක වෙලා තියෙන්නෙත් අදාල කාළ වකවානුවමයි.හොදයි ඇත්තටම මේ අනුසාරයෙන් සිනමාපටයක් හදන්න අදහස ඇවිත් තියෙන්නෙ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන Jeff Nichols ට. ඔහු තමා ” Take Shelter ( 2011 ) , Mud ( 2012 ) ” ආදී සිනමාපට නිර්මාණය කලෙත්.

 ඒ වගේම මේ සිනමාටයේ රංගනයෙන් දායක වෙන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ රංගන ශිල්පීන්.ඒ අය අතර Tom Hardy, Austin Butler, Jodie Comer, Norman Reedus හා Mike Faist ” යන අය ප්‍රධාන තැනක් ගන්නවා.විනාඩි 116 ක් පුරා දිවෙනා මේ සනිමාපටයට Imdb දර්ශකයේ ලකුණු 6.7/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 80% ක් වැනි ඉහල අගයකුත් හිමි වෙලා තියෙනවා.

    ඒ වගේම මේ සිනමාපටයේ කතාව පැත්තට ටිකක් හැරුනොත් මේකෙ කතාව ගලා යන්නෙ කැතීගේ ( Jodie Comer ) ගේ කෝණයෙන්.ඇය ඡායාරූප මාධ්‍යවේදියෙක් වෙන ( Mike Faist ) ට වැන්ඩල්නම් යතුරුපැදි ධාවකයන්ගෙන් සැදුම්ලත් සමාජය ගැන කරනා සාකච්ඡාව ඔස්සේ තමා මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙ.එතනදි ඇය ඒ සමාජයට සම්බන්ධ වූ ආකාරයත්, ඉන් අනතුරුව ඇයට මුහුණ දීමට සිදුවන සිදුවීම් ජාලයත් මේ සිනමාපටයේ රූපයට නැගී තිබෙනවා.ඇත්තටම මේ කතාවේ අවසානය ටිකක් සංවේදියි.ඒ වගේම හරිම ලස්සන අපූරු කතාවක්.එහෙනම් ඒ අපූරු කතාව බලන්න ඔයාලට ආරධනා කරනවා.

Comments