CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
783 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 20, 2024United States215 Min.
Your rating: 0
4.1 8 votes
The Brutalist (2024) | අභියෝග මැදින් සිහිනය සොයා…. 18 +

 

සුබ දවසක් හැමෝටම. මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වුයේ ඔස්කා සම්මාන තුනක් දිනාගත් විශිෂ්ඨ සිනමා පටයකට. ඒ තමයි The Brutalist (2024).

The Brutalist කියන්නේ බ්රූඩි කෝබට් විසින් අධ්‍යක්ෂණය කරන ලද දැවැන්ත ඓතිහාසික නාට්‍යමය සිනමා නිර්මාණයක්. මේක නිර්මාණය වෙලා තියෙන්නේ 1947දී Holocaust හෙවත් දෙවන ලෝක යුද්ධය සමයේ කෙරුණු යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීමෙන් දිවි ගලවාගෙන එක්සත් ජනපදයට සංක්‍රමණය වූ හංගේරියානු-යුදෙව් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ලාස්ලෝ ටෝත්ගේ (László Tóth) ඇමෙරිකානු සිහිනය හඹා යමින් ඉදිරියට ගෙවන ජීවිතය පදනම් කරගනිමින්. මොකක්ද මේ ඇමරිකානු සිහිනය කියන්නේ? ඕනෑම ඇමරිකානුවෙකුට ඉහළම අභිලාෂයන් සහ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ සලසන ආකාරයේ සමානාත්මතා අවස්ථා ලබාගනිමින් දියුණු වීමේ හැකියාවක් පැවතීම පිළිබඳ සංකල්පයක්. පැය තුනකුත් මිනිත්තු 35ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය දශක තුනකට අධික කාලයක් පුරා විහිදෙනවා. ඒ වගේම මේක කම්පනය, අභිලාෂය සහ ඇමරිකානු සිහිනය ලුහුබැඳීම යන තේමාවන් ගවේෂණය මින් පශ්චාත් යුධ ඇමරිකානු සමාජයේ සංකීර්ණතා ඉස්මතු කරන නිර්මාණයක්. අතිශය තාත්වික පසුතල සහ දක්ෂ චරිත නිරූපණ ඔස්සේ ඔබට ඉතා රසබර ලෙස ජීවිතාවබෝධයක් ලබාගනිමින් නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්.

ඩොලර් මිලියන 9.6 ක නිෂ්පාදන පිරිවැයකට එදිරිව, එය ලොව පුරා ඩොලර් මිලියන 50 කට වඩා උපයා ගත් අතර, එය කෝබට්ගේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වන්නට සමත්ව තිබෙනවා. The Brutalist චිත්‍රපටය බොහෝ ධනාත්මක සමාලෝචන ලබාගන්න සමත් වුණා. විශේෂයෙන්ම එහි අභිලාෂකාමී විෂය පථය, කැපී පෙනෙන රූප රචනය වගේම ප්‍රබල රංගනයන් වෙනුවෙන් විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තා. විශේෂයෙන්ම ලාස්ලෝ ටෝත් ලෙසින් ඇඩ්රියන් බ්‍රෝඩි සහ හැරිසන් ලී වැන් බියුරන් ලෙසින් ගයි පියර්ස් විසින් සිදුකල තාත්වික රංගනයත් බෙහෙවින් ඇගයීමට ලක් වුණා. කලාව, වාර්ගික අනන්‍යතාවයන් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි තේමාවන් ගවේෂණය කිරීම මෙන්ම සිනමාරූපණය වගේම සංගීත නිර්මාණය වෙනුවෙන් මේ චිත්‍රපටය ප්‍රශංසාවට ලක් වුණා. ඒ වගේම IMDb අඩවියේ 7.4/10ක අගයක් ලබාගන්න සමත් වෙනවා වගේම Rotten Tomatoe වෙබ් අඩවියේ Tomatometer 93% ක අගයකුත් Popcornmeter 80% ක අගයකුත් ලබාගෙන තිබෙනවා.

අපි චිත්‍රපටයේ කතාව වෙත යොමුවෙමු. දෙවන ලෝක සංග්‍රාමයේ යුදෙව් ජනතාව ඝාතනයෙන් දිවි ගලවා ගැනීමෙන් පසු, හංගේරියානු-යුදෙව් ගෘහ නිර්මාණ ශිල්පී ලාස්ලෝ ටෝත් (Adrien Brody) දෙවන ලෝක යුද්ධ සමයේදී බුඩාපෙස්ට් හි ඔහුගේ බිරිඳ වන අර්සබෙත් (Felicity Jones) සහ ලේලිය වන සොෆියාගෙන් (Raffey Cassidy) බලහත්කාරයෙන් වෙන් කෙරෙනවා. ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වෙන්නේ ජීවිතය මුල ඉඳන් අලුතෙන් ආරම්භ කරන්න. ඔහු ෆිලඩෙල්ෆියාවට යන අතර, එහිදී රැකියාවක් සොයන අතරතුර ඔහුගේ සංක්‍රමණික ඥාති සහෝදරයා වන ඇටිලා (Alessandro Nivola ) සහ ඔහුගේ ඇමරිකානු බිරිඳ ඕඩ්‍රි (Emma Laird) සමඟ රැඳී සිටීමට අවස්ථාවක් ලැබෙනවා. හදිසියේම ලාස්ලෝ දැනගන්නවා සිය භාර්යාව ඒ වනවිටත් ජීවතුන් අතර ඇති බව. ලාස්ලෝ ඔහුගේ ගෘහ භාණ්ඩ ව්‍යාපාරයට සහාය වෙනවා. හැරිසන් ලී වැන් බියුරන් (Guy Pearce)ගේ පුත් හැරී (Joe Alwyn) තම පියා ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යන අතරතුර ඔහුගෙන් සහ ඇටිලාගෙන් ධනවත් කර්මාන්තකරුවෙකු වන අධ්‍යයනය සහ පුස්තකාලය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලන්නේ ඔහුගේ පියා ආපහු එද්දී ඔහුව පුදුමයට පත් කරන්න. ලාස්ලෝ ඇතුළු කණ්ඩායම ඒ කාර්යය අවසන් කරන්න කළින් නිවසට ආපහු එන හැරිසන් මේ කළ ප්‍රතිසංස්කරණය ගැන බොහොම කලබල වෙලා පිටව යන්න කියලා ලාස්ලෝ සහ ඇටිලාට කියනවා. පසුව ඔහු දන්වන්නේ ඔවුන් කළ කාර්යය සඳහා මුදල් ලබාදිය නොහැකි බවයි. මේ ගැන ලාස්ලෝට ඇටිලා දෝෂාරෝපණය කරනවා. ඒ වගේම ඇටිලාගේ බිරිඳ ඕඩ්‍රි ලාස්ලෝ තමන්ට අතවර කරන්නට උත්සාහ කළ බවට චෝදනා කරන නිසා, ඇටිලා කනගාටුවෙන් තම නිවසින් පිටවෙන්න කියලා ලාස්ලෝට කියනවා. ලාස්ලෝ රැකියාවක් සොයමින් නිවසින් පිටව යනවා.

වසර ගණනාවකට පස්සේ, පල්ලියක පුණ්‍යායතනයක පදිංචිව සිටින අතරතුර නැව් අංගනයක අවදානම් සහගත රැකියාවක් ඔහු අසීරුවෙන් සොයාගන්නවා. ලාස්ලෝ තමන්ගේ කුඩා පුතාව ඇති දැඩි කිරීමට අපහසු තරමට දුප්පත් අප්‍රිකානු-ඇමරිකානු පියෙකු වන ගෝර්ඩන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්නවා. ලාස්ලෝ රහසිගතව හෙරොයින් දුම් පානය කරන බව ගෝර්ඩන් දැන ගන්නවා. මේ අතර දිනක් හදිසියේම නැව් අංගනයට පැමිණෙන හැරිසන් ලී වැන් බියුරන් ලාස්ලෝට ප්‍රශංසා කරනවා තමන් වෙනුවෙන් ඉදි කරදුන් පුස්තකාල කාමරය ගැන. හේතුව ගෘහ නිර්මාණ ප්‍රජාව පුවත්පත් මාධ්‍යය ඔස්සේ ඔහුගේ අති නවීන පුස්තකාලය අගය කරමින් එහි හිමිකරුටත් ප්‍රශංසා කරමින් සඟරා පළ කළ නිසා. හැරිසන් ලාස්ලෝට සාදයකට ආරාධනා කරනවා, එහිදී ලාස්ලෝව කීර්තිමත් අමුත්තෙකු ලෙස පිළිගැනුණත්, ඔහු ඇතැමුන්ගේ සියුම් සරදමටද ලක් වෙනවා. යුරෝපයේ සාර්ථක ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ඔහුගේ පසුබිම සහ කල් පවතින උරුමයක් ඉතිරි කිරීමට ඇති ඔහුගේ ආශාව ගැන දැනගත් පසු, ඔහුගේ නැසීගිය මවට ගෞරවයක් වශයෙන් පුස්තකාලයක්, රංග ශාලාවක්, ව්‍යායාම ශාලාවක් සහ දේවස්ථානයක් ඇතුළත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට හැරිසන් ලාස්ලෝට පවරනවා. මේ මධ්‍යස්ථානය ඉදි කරගෙන යද්දී වැන් බියුරන්ගේ පුතු හැරී ලාස්ලෝට එරෙහිව ක්‍රියා කරන්නේ සිය පියාගේ සෞන්දර්යාත්මක අදහස් මූල්‍යමය වශයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබීම ගැන විරෝධය පළ කරමින්. ඔහුගේ බාධක මැද ලාස්ලොට මේ දැවැන්ත නිර්මාණය මුළුමනින්ම ගොඩනැඟිය හැකිවනු ඇතිද? වන් බියුරන්ගේ සහයෙන් ලාස්ලෝට සිය බිරිඳ ඇමරිකාවට ගෙනවාගත හැකි වනු ඇතිද? චිත්‍රපටයෙන් අපි ඒක දැනගනිමු.

නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 7.4 /10 87,913 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brady Corbet
Director

Cast

Adrien Brody isLászló Tóth
László Tóth
Felicity Jones isErzsébet Tóth
Erzsébet Tóth
Guy Pearce isHarrison Lee Van Buren Sr
Harrison Lee Van Buren Sr
Joe Alwyn isHarry Lee
Harry Lee
Stacy Martin isMaggie Lee
Maggie Lee
Ariane Labed isOlder Zsófia
Older Zsófia
Michael Epp isJim Simpson
Jim Simpson

Similar titles

Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anel Meley Pani Thuli (2022) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20th Century Girl (2022) Sinhala Subtitles
Skater Girl (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call of the Wild (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Che: Part One (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Humpty Sharma Ki Dulhania (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published