EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The cat (2011) | බළලුන් පිටුපස සැඟවුණු ආත්මය

2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.


Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.

Comments