EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Criminal Designer (2014) | The Technicians (2014) | කාර්මිකයෝ.

මේක කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්, IMDb රේටින් එක 6.6 ක් තියෙනවා. තිරගතකළේ 2015 ජනවාරි 09 වෙනිදා. හොන්ග් සිඕන් කිම් තමයි අධ්‍යක්ෂකවරයා ප්‍රසිද්ධ දකුණු කොරියානු නළු නිළියො කීපදෙනෙකු තමයි මේකේ රංගනයෙන් දායක වෙන්නේ. යිඕන්ග් චිඕල් කිම්, චෑන්ග් සිඕක් කෝ, ලී හූයුන් වූ, වූ බින් කිම්, මේකේ ප්‍රධාන නළුවා ජී හ්යුක් සේප්පු කඩන වැඩ කාරයෙක්. කූ ඉන් එක එක ගැජට් සහ බෝම්බ හදන ඉංජිනේරු වරයෙක්. ඒ වගේම ජෝ බේ කියන්නේ CCTV කැමරා වගේම පරිගණක හැකර් කෙනෙක්.

ඉතින් මේ තුන් කට්ටුව දියමන්ති වගයක් උස්සන්නේ හොදින් ජීවත් වෙන්න කියලා. කරුමේට මුන් ලෝක හොරෙක්ගේ දියමන්ති තමයි උස්සන්නේ. මේ ලෝක හොරා චාඕ, ඌ මුන් තුන්දෙනට තර්ජනය කරලා ඉන්චෝන් රේගුවේ තිබෙන ඩොලර් මිලියන 150 ක් හොරෙන් ගන්න සැලසුම් කරනවා. මේ 3න් දෙනා ජීවිත බේරගන්න මේ වැඩේ සුපිරියට කරනවා හැබැයි අවසානයට අපි බලාගෙන ඉන්න දේ නෙමේ වෙන්නේ. මොකද වෙන්නේ කියලා නම් ෆිල්ම් එක බලලාම දැනගන්න.

Comments