EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Convert (2023) | “සාමය වෙනුවෙන්”

 

 

තෝමස් මුන්රෝ කියන්නේ කිතුදහමේ ගිහි ඇමැතිවරයෙක්….මොහු 19 වන සියවසේදී නවසීලන්තයට ආවාට පස්සේ ඔහුගේ පක්ෂපාතීත්වය වෙනස් වෙන අකාරය තමයි මේ කතාව පුරා පෙන්වන්නේ…

නවසීලන්තයට නැවෙන් එන අතරමඟදී කුණාටුවකට අහුවෙලා එක් පුද්ගලයෙක් මිය යනවා. ඒ වෙලාවේදී තෝමස් මුන්රෝ මිය ගිය පුද්ගලයා වෙනුවෙන් අවසන් ආශිර්වාදය ලබා දෙමින් පවසන්නේ, මේ ලෝකේ ඇත්තටම කොතරම් විශාලද කියලා මිනිස්සු දැනගත්තොත් ඒ අය බයවෙනවා කියලයි….

කතාවට පසුබිම් වෙන්නේ තෝමස් මුන්රෝ මේ විශාල ලෝකය ගැන දක්වන උනන්දුව සහ කැමැත්ත නිසා ඔහු මේ යන ගවේෂණාත්මක ගමනයි… මේ කතාව පටන් ගන්නේ ඔහු 1830 දී නවසීලන්තයට නැවකින් යන චාරිකාවෙන්…බ්‍රිතාන්‍ය නායකයෝ මෙයාව එප්වර්ත් වලට යවන්නේ එහෙ පල්ලියක් දාගෙන මිනිස්සුන්ට අධ්‍යාත්මික සහයෝගය ලබා දෙන්න…එප්වර්ත් වලට යන්න කලින් ඔහුට මුණ ගැහෙනවා මෝරී ගෝත්‍රිකයෝ පිරිසක්…හොඳ වෙලාවට තෝමස් මුන්රෝ ආපු නැවේ හිටපු මෝරී ගෝත්‍රික කොල්ලා, ඌනුකූගේ තාත්තා තමයි මේ පිරිසේ නායකයා, අකටරේවා! ඔවුන් සටන් කරමින් හිටපු පිරිසෙන් ඉතුරු දෙන්නගෙන් රංගිමායි කියන තරුණියව බේරගන්න අවස්ථාවක් මුන්රෝට ලැබෙනවා…නමුත් ඇයගේ ස්වාමියාව ඇයගේ ඇස් ඉස්සරහම මරලා දානවා….රංගිමායි කියන්නේ එප්වර්ත් භුමියේ අයිතිකරු, මයිනුයිගේ දියණිය… මෝරී ගෝත්‍රිකයෝ දෙපිරිසක් අතර පළිගැනීමේ චේතනාවෙන් ඇති වෙන යුද්ධයත්, ඒකට බ්‍රිතාන්‍යයේ ගිණිඅවි වෙළඳාම සම්බන්ද වෙන විදිහත් සහ තෝමස් මුන්රෝ මේ දෙපිරිස අතර සාමය ඇති කරන්න හදන උත්සයත් වටා මේ කතාව ගොඩනැගිලා තියෙනවා….

Comments