EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Curse of the Necklace (2024) | “මාලයේ ශාපය”

 

ෆිල්ම් එකේ නම The curse of necklace එහෙම නැත්තම් “මාලයේ ශාපය” කියල හඳුන්වන්න පුළුවන්. පැයයි විනාඩි 35ක් දිවෙන මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 4.5ක අගයක් තමයි හම්බ වෙලා තියෙන්නෙ.

කතාව පැත්තට හැරුනොත් ඩේවිස් පවුල 1960 දී කටුක අවස්ථාවන්ට තමා මුහුණ දෙන්නේ. ලෝරා සහ ෆ්‍රැංක් වෙන් වෙලයි ඉන්නෙ, වසර ගණනාවක් ෆ්‍රැංක්ගේ මද්‍යසාරයෙන් පරිපූර්ණ අධිෂ්ඨිත අනියම් මනෝභාවය ඉවසීමෙන් පස්සෙ ලෝරා ඔහුව ගෙදරින් පන්නල දාලයි ඉන්නෙ. ඇය නැවත හෙදියක් ලෙස වැඩට යනවා, ඒත් ඇගේ 11 හැවිරිදි එලන් සහ 16 හැවිරිදි ජූඩිත් මෙන්ම ඔවුන්ගේ තාත්තාත් එහෙම නැත්තම් ෆ්‍රෑන්කුත් ඒකට කැමති නැහැ. ලෝරාගෙ හිත දිනාගන්න හිතාගෙන දවසක් රෑ ෆ්‍රෑන්ක් ගෙදර එනවා,

එන්නෙ ලෝරට තෑග්ගකුයි, ඩෝනට් ටිකකියි අරගෙන, රෑ කෑමෙන් පස්සෙ ඩෝනට් ටික අතුරු පසට දීලා ලෝරට ගත්ත මාලෙ එයාට දෙනවා.ඊට පස්සෙ ෆ්‍රෑන්ක් ආපහු යනවා.ගියා පස්සෙ ලෝරා අර මාල්ස් කුණු කූඩෙට විසි කරනවා.ඒත් එලන් එයාගෙ තාත්ත දුන්න දේ හින්ද ඒක අරන් ගිහින් දාගන්නවා..ඒ වෙලාවෙ ඉදන් අත්බූත දේවල් වෙන්න පටන් ගන්නවා..එලන් ජෝනා කියල කොල්ලෙක් එක්ක කතා කරන්න පටන් ගන්නවා..ඒත් එයාගෙ අක්ක ජූඩිත් හිතන්නෙ ඒ හිතින් මවාගත්ත යාළුවෙක් කියලා.දවසින් දවස අත්බූද සිද්දි වැඩි වෙන්න පටන් ගන්නවා..ලෝරා මේ ගැන හොයන්න පටන් ගන්නවා.. මම මෙතනින් කතාව කියන එක නවත්තනවා,ඉතින් මේ මාලෙ කොහෙන්ද ෆ්‍රෑන්ක්ට ලැබුනෙ, මාලයේ ශාපය කාටද වදින්නෙ, ඒ ශාපයෙන් බේරෙන්නෙ කොහොමද, ජෝනා කියන්නෙ කව්ද කියල සහ මම කතාවෙ මග හැරපු තැන් දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.

Comments

March 13, 2025

❤️👍