EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Dam (2025) | අපායක් වූ වේල්ලේ, අවසන් සටන

Action, Horror පාරක් හොය හොය හිටපු මට සෙට් වුන සුපිරිම භාණ්ඩයක් තමා මේ… මගේ ආසම genre එක Survival Horror… මේක යුක්රේනියානු (Ukrainian) චිත්‍රපටයක්.2025 වසරේ නිකුත් වුණ මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Oleksii Taranenko විසින්. Horror, Action, Thriller කියන ශානර ඔක්කොම කවලම් වෙලා හැදුණු මේ ෆිල්ම් එක මුල ඉඳන් අගටම හුස්ම අල්ලන් බලන්න පුළුවන් සුපිරි නිර්මාණයක්…

‎කතාව මෙහෙමයි… යුක්රේනයේ යුද්ධය අස්සේ ලොකු වේල්ලක් පුපුරලා යනවා. මේක නිකන්ම අනතුරක් නෙවෙයි. වතුර බැහැගෙන යද්දී කාලයක් තිස්සේ මේ වේල්ල යට හංගලා තිබුණු අබිරහස් සෝවියට් බංකරයක් මතු වෙනවා. මේ ගැන හොයන්න විශේෂ හමුදා ටීම් එකක් එතනට යනවා. පරීක්ෂණ කරගෙන යද්දී මෙයාලට තේරෙනවා මේ බංකරේ ඇතුලේ තියෙන්නේ නිකම්ම පරණ බඩු නෙවෙයි කියලා. අවුරුදු ගාණක් තිස්සේ හිරවෙලා තිබුණු, මනුස්සයෙක්ට හිතාගන්න බැරි බිහිසුණු දෙයක් මේක ඇතුලේ පණ ගහලා ඉන්නවා. අන්තිමේදී මේ සොල්දාදුවන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න ලොකු සටනක් දෙන්න… අඳුරු බංකරේ ඇතුලේ මොකක්ද මේ හැංගිලා ඉන්න සාපය…? කී දෙනෙක්ට මේකෙන් එළියට එන්න පුළුවන් වෙයිද…?

‎IMDb Rating එකත් එක්ක Action Horror පැත්තට බර ෆිල්ම් වලට ආස අයට මේක සුපිරිම අත්දැකීමක් වෙයි… ලේ, භීතිය, කුතුහලය උපරිමෙන්ම තියෙන නිසා කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන්… මේක පට්ටම Horror Experience එකක්, ඒ නිසා අනිවාර්යයෙන්ම බාගෙන බලන්න.

Comments