EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Deliverance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Deliverance (2024) | “ ගැලවීම ”
“The Deliverance” ගිය අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණු, Horror/Suspense කියන කැටගරීස් වලට අයත් පැය 1 යි විනාඩි 52 ක ධාවන කාලයක් හිමි, 5.1 ක IMDb අගයක් ලබාගත්තු සිනමාපටයක්.
සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Lee Daniels යටතේ අධ්‍යක්ෂණය කෙරුණු මේ සිනමාපටයේ තිර පිටපත David Coggeshall සහ Elijah Bynum විසින් තමා රචනා කරලා තියෙන්නේ.
මේක 100% ක් ම සත්‍ය සිදුවීමක් මත පදනම් වෙච්ච කතාවක්! කතාවේ එන ඒ අද්භූත ගෙදර අවට අද වෙනකොටත් අමුතු සිදුවීම් සිදුවෙන බවට වාර්තා වෙලා තියෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, පීටර්ස්බර්ග්/පෙනිසිල්වේනියාවේ තියෙනවා ගෙයක්.. අඳුරු ඉතිහාසයක් තියෙන මේ ගෙදරට පවුලක් එනවා පදිංචියට.. පවුලක් කීවට අම්මයි, ළමයි තුන් දෙනයි, ආච්චියි තමා එන්නේ.. අම්මගේ නම එබොනි ජැක්සන්, ආච්චි ඇල්බර්ටා, ළමයි තුන්දෙනා වෙන්නේ නේට්, ඇන්ඩෲ සහ ෂැන්ටේ. මේ ගෙදර පහළ මාලයේ එහෙමත් නැත්තම් බේස්මන්ට් එකේ තියෙනවා කාලයක් තිස්සේ වහලා දාපු තට්ටුවක්.. දොරකින් තමා මේක උඩට සම්බන්ධ වෙන්නේ.. නිතර මේ දොර හරහා දුර්ගන්ධයක් වහනය වෙනවා වගේම මැස්සෝ එහේ මෙහේ පියාඹනවා.. ගෙදර අය දන්නේ නෑ මොකක්ද මෙතන තියෙන්නේ කියලා.. කතාවේ මුල ඉඳන්ම ඇන්ඩෲ එහෙමත් නැත්තම් ඩ්‍රේ කියන පුංචිම පිරිමි ළමයා වෙලාවකට මේ දොර ඇරගෙන පාතට යන එක පුරුද්දක් කරගෙන තියෙනවා.. ඒ කරලා උඩට ඇවිත් තනියම කාත් එක්කදෝ කතා කරන්න ගන්නවා.. මොකක්ද මේ? අමනුෂ්‍යය දෝෂයක්ද? අවතාරයක්ද? ප්‍රේතයෙක්ද? යක්ෂයෙක්ද? මොකක්ද මේකේ අරමුණ? වගේ කරුණු ඉස්සරහට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා..
චරිත ගැන පොඩි දෙයක් කීවොත්, එබොනි කියන්නේ තමන්ගේ මහත්තයා නැතුව ළමයි තුන්දෙනා හදාගෙන ඉන්න ටිකක් සෙල්ලක්කාර කමට බර ගෑණු කෙනෙක්.. මෙයා නිතරම මත්ද්‍රව්‍යය, මත්පැන්, දුම්වැටි වගේම ගංජා පාවිච්චි කරන කෙනෙක්.. කොයිවෙලෙත් කුණුහරපයක් කියාගත්ත ගමන් ඉන්න කෙනෙක්.. මෙයාගේ අම්මත් මෙයාට දෙවෙනි නෑ එයත් මේ විදිහෙම සෙල්ලක්කාර ගති තියෙන කෙනෙක්.. මොනවා වුණත් මේ දෙන්නම විශේෂයෙන් එබොනි ළමයි තුන්දෙනාට පණ ඇරලා ආදරෙයි.. ඉතින් අපි බලමු එබොනිට තමන්ගේ ළමයි මේ කරදරෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියලා.
වැඩිහිටියන්ට පමණයි ගණයට අයත් නොවෙන චිත්‍රපටියක් මේක.. ඒත් කතාවේ රසය රැකගන්න ඕන හින්දා නිතරම පාවිච්චි වෙන අසභ්‍යය වචන සැර බාල කරලා වුණත් දාන්න සිද්ධවුණා.. ඒත් නිරුවත් දර්ශන මුකුත් අන්තර්ගත වෙන්නේ නෑ.
මගේ පෞද්ගලික මතය වෙන්නේ කතාවේ IMDb අගය 5.1 වුණත් මීට වඩා Rating එකකට මේ චිත්‍රපටිය සුදුසුයි.. මට දෙන්න පුළුවන් 7 ක අගයක්.












