EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Dora Simko, Kevin Macdonald, Zoe Morgan
Cast
Go Full Cast PageThe Eagle (2011) | රාජාලියා…
ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් ඇක්‍යුලා (Channing Tatum) මෙම රාජාලියා හා ඔහුගේ පියා අයත් වුනු නම වෙනි හමුදාවට සිදුවුන දේ සොයා තවත් වහලෙකුගේ (Jamie Bell) Escaඋපකාරයද බලාපොරොත්තුවෙන් ගමන් අරඹයි. මොවුන් දෙදෙනා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවිද? රාජාලියා හා තමන්ගේ පියාගේ හමුදාවට සිදුවුන දේ සොයා ගැනීමට ලැබෙයිද?
Kevin Macdonald ගේ අධ්‍යක්ෂණයක් වන මෙය IMDb දර්ශකයේ 6.2ක අගයක් ගත් යුධමය හා ඉතිහාස ගනයට වැටෙන සලරුවක්. මේ සලරුව 300 ද්විත්වය සහ Centurion (2010) ට බොහෝ සමානකම් දක්වන අතර centurion හි කියවෙන්නේත් මේ නමවෙනි හමුදාවට සිද්ධ වුන දේ ගැනයි. මේ ගමන්ම Centurion චිත්‍රපටයත් බලනවා නම් හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතාමත් ලස්සන දර්ශණීය පසුතලයන් කැමරාකරණයේදී උපයෝගී කරගෙන තියෙනවා. ඓතිහාසික කතා වලට කැමැත්තක් දක්වන අයට වගේම යුධ හා වීර කතා බලන අයටත් එක වගේම ගැලපෙන සලරුවක්.










