EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Even Stevens Movie (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aaron Penn, Caroline Stephenson, Ross Novie, Sean McNamara, Tasha Oldham
Cast
Go Full Cast PageThe Even Stevens Movie (2003) | දූපතක හිරවෙලා වියරුවැටෙන පවුල
ඔන්න එහෙනම් තවත් පරණ විනෝදකාමී හොලිවුඩ් ෆිල්ම් එකක් අරගෙන ආවා. Disney Channel එකෙන් තමා මේක නිකුත් කරලා තියෙන්නේ. අපි කවුරුත් දැකලා හුරුපුරුදු Shia LaBeouf මේකේ ඉන්නවා, Transformers (2007) ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවලා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්ත කොල්ලා තමා ඒ. පැයයි විනාඩි 34ක කාලයක් ධාවනය වෙන මේ චිත්‍රපටිය Family/Comedy ගනයට වැටෙන එකක්. මේ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය බලතහැකි.
ස්ටීවන්ස් පවුල දැන් පිටත්වන්නේ ඔවුන්ගේ බැඳීම් පරීක්ෂා කරන, ඉවසීම අභියෝගයට ලක් කරන,
ඔවුන් එකිනෙකාට වඩාත් සමීප කරන සහ ඔවුන්ව වෙන් කරන අත්දැකීමකට මුහුණ දීමටයි.
ඇමරිකානු පවුලක් වෙන ස්ටීවන්ස් පවුල දකුණු පැසිෆික් දූපතක් වන මැන්ඩලිනෝ වෙත සියලු වියදම් දරන නිවාඩු සංචාරයක් නෝමිලේ දිනාගන්නවා. මෙයාලගේ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා, එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ඉතින් මේ පවුලේ අම්මා තාත්තා මේක තමන්ට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා හිතලා මේ ගමන යන්න පිටත් වෙන්න තීරණය කරනවා. මේ දූපතට ගියාම බොහොම උණුසුම් ආදරණීය පිළිගැනීමක් ස්වදේශික දූපත් වාසීන්ගෙන් මෙයාලට ලැබෙනවා. මෙයාලා හොඳ විනෝදයෙන් සාමකාමීව මේ දූපතේ කල් ගෙවමින් ඉන්නවා. ඒත් දවසක් මේ පවුලේ ඉන්න බාල කොල්ලා ලුවීස් කරන එක වැඩක් නිසා මුළු ස්ටීවන්ස් පවුලම එක මොහොතින් කබලෙන් ලිපට වැටෙනවා. මෙයාලට ආයේ ගෙදරවත් යාගන්න බැරුව මේ දූපතේ හිරවෙනවා. දවස් ගෙවෙනවත් එක්ක මෙයාලට කන්න කෑමක්වත් නැතුව යනවා. මේකෙන් මේ පවුල වියරුවැටිලා වගේ එකිනෙකා කටයුතු කරන්න ගන්නවා. පවුලේ වැඩිමල් දියණිය රෙන් මේ දූපතේ අභිරහස් දූපත්වාසියෙකු එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්නවා, මේකෙන් මේ කතාවට නව මානයක් එකතු කරනවා. අවසානයේ එක ලොකු බොරුවක් ගැන මේ පවුල දැනගන්නවා. ඒකෙන් මේ හැමදෙනාම පුදුම වෙනවා.
කොහොමද මෙයාලා එකපාරටම මෙහෙම සංචාරයක් දිනාගන්නේ ? ලුවීස් මොනවා කරලද හැමදෙනාවම එහෙම අමාරුවේ වැට්ටුවේ ?
මොකක්ද මේ ලොකු බොරුව ? මෙයාලට මේ දූපතෙන් ගැලවිලා යන්න පුළුවන් වෙයිද ?
උත්තර දැනගන්න එහෙනම් ෆිල්ම් එක දැන්ම අරගෙන බලන්න.
Share
Links
Comments
September 11, 2025







