EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Expendables 3 (2014) |සුපිරි වීරයෝ…..

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010)  , සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම මුලින් නම් හිතුවේ අනිත් සුපිරි ෆිල්ම් එන්න කලින් එන ඒ වගේ වෙනත් වැඩකට නැති එකක් කියලා, නමුත් මේ වතාවේ නම් එහෙම නැහැ. සුපිරිම භාණ්ඩේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆිල්ම් එක තාමත් නිකුත් කරලා නැති නිසා IMDb රේටින්ග් වත් තාම ලැබිලා නැහැ. ඒ උණාට ෆිල්ම් එක නම් කලින් එව්වා වගේම සුපිරි ඔන්න.

හැමෝම දන්නවා වගේ මේ සලරුවේ සුපිරි නළුවෝ රැසක්ම ඉන්නවා. බලන්න ඔයාලත් මෙයාලව දන්නවද කියලා.

  1. Sylvester Stallone
  2. Jason Statham
  3. Arnold Schwarzenegger
  4. Jet Li
  5. Antonio Banderas
  6. Wesley Snipes
  7. Dolph Lundgren
  8. Mel Gibson
  9. Harrison Ford
  10. Ronda Rousey
  11. Kellan Lutz

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බෝර්නි රෝස් තමයි මේ කණ්ඩායමේ ලොක්කා. එයාලා මුලින්ම හිරේ ඉන්න ඩොක් ව බේරා ගන්නවා, ඒ එන ගමන් තවත් වැඩකට අත ගහනවා, ඒක බෝර්නි හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ, මේ නිසා වයසක කට්ටිය අයින් කරලා කණ්ඩායමට තරුණ සෙට් එකක් බඳවා ගන්න බෝර්නි තීරණය කරනවා. එයාලා එක්ක තමයි දැන් වැඩ කරන්නේ, ස්ටෝන් බෑන්ක් කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ කලින් හිටිය කෙනෙක්, නමුත් දැන් මේ ප්‍රධාන සතුරා බවට පත් වෙලා. ඒ කලින් උන සිදුවීමක් නිසා. ධ්‍රමර් ගෙන් බෝර්නි ට නියෝග ලැබෙනවා ස්ටෝන් බෑන්ක් අල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් බෝර්නි සුපිරි මෙහෙයුමක් දියත් කරනවා. ඔයාලා මොකද හිතන්නේ මේකට පරණ අයත් නැවත එකතු වෙයිද? නැත්නම් වැඩක් නැහැ නෙහ්??? බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම ජය පතනවා!!!

Comments