EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Family (2013) | භයානක පවුල…

බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්‍යක්‍ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporter චිත්‍රපට මාලාවත් මෙයා තමයි කරලා තියෙන්නේ, ඒ විතරක් නෙමේ තවත් ෆිල්ම් විශාල ගානක් තියෙනවා. දිනා ගෙන ඇති සම්මාන ගණනත් එමටයි.ඒ කියන්නේ සුපිරිම වැඩකාරයෙක් තමයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්නම වෙනවා නේද??

හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, ජිඔවානි මන්සොනි (ෆ්‍රෙඩ්) කියන්නේ මේ පවුලේ ආඩම්බරකාර තාත්තා ඕන්, මැගී තමයි බිහිසුණු අම්මා.. වංචාකාරී පුතා තමයි වොරන් කියන්නේ.. අන්තිමට සරාගී දෝණි තමයි බෙල් කියන්නේ. ෆ්‍රෙඩ් කියන්නේ කලින් මාෆියා කල්ලියක ලොක්කෙක්. දැන් මේ පවුලම යටත් වෙලා ඉන්නේ. මෙයාලාගෙන් අනෙක් සාමාජිකයන් ගැන ඔත්තු ලබා ගන්න ඕනේ නිසා සාක්ෂිකරු ආරක්‍ෂා කර ගැනීමේ වැඩසටහනකට CIA එක විසින් යටත් කරලා තියෙන්නේ. මේ පවුලම ප්‍රංශයේ නිහඬ නගරයක පදිංචි කරවනවා. මෙයාලා කට්ටිය ගැන බලාගන්නේ නියෝජිත ස්ටෑන්ඩ්ෆීල්ඩ්.

හිරේ ඉන්න දොන් ලුකෙසි කියන කෙනා මේ පවුල පස්සේ පන්නනවා. නමුත් හොයා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පවුල වැඩි කාලයක් එක තැන ඉන්නේ නැති නිසා. කොහොම හරි ළමයි දෙන්න අළුත් පාසලකටත් යනවා. කෙල්ලයි කොල්ලයි අම්මා තාත්තා වගේම තමයි.. ටික දවසක් යනකොට මේ දෙන්න ඉස්කෝලෙම අල්ලා ගන්නවා. මෙයාලා ඇමෙරිකානුවෝ නිසා අනිත් අයගේ වැඩි අවධානයකටත් ලක් වෙනවා. මේ අතරේ බෙල් එයා යන පාසැලේම ඉන්න හෙන්රිට ආදරය කරනවා. වොරන් පාසලේදී කරන නොසැලිකිලිමත් වැඩක් නිසා හිරේ ඉන්න ලුකෙසිට දැන ගන්න ලැබෙනවා මෙයලා ප්‍රංශයේ ඉන්නේ කියලා. එතැනින් තමයි මේ පවුල කොටු වෙන්නයන්නේ. මොකක්ද ඒ වැඩේ?? ඔයාලම බලන්න.

Comments

March 2, 2025

👍