EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Girlfriend (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Girlfriend (2025)
මම අරගෙන ආවේ 2025 අවුරුද්දේ නොවැම්බර් මාසයේ රිලීස් වුණු අලුත්ම තෙළිඟු ෆිල්ම් එකෙ එඋපසිරැසිය. ෆිල්ම් එකේ නම තමයි “The Girlfriend”. අපේ කවුරුත් ආදරේ කරන රෂ්මිකා මන්දනා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඇත්තටම මේක රෂ්මිකාගේ වන් මෑන් ෂෝ එකක් කිව්වොත් හරි.
මේක නිකම්ම නිකන් ලව් ස්ටෝරි එකක් නෙවෙයි. ටිකක් සීරියස් විදියට යන රොමෑන්ටික් ඩ්‍රාමා (Romantic Drama) එකක්. ගොඩක් විචාරකයෝ කියන විදියට මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ අද කාලේ ගොඩක් තරුණියෝ මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි “ආදරේ නාමයෙන් තමන්ගේ සහකරුවාව පාලනය කරන එක” (Toxic relationships). සමහරු මේක අර්ජුන් රෙඩ්ඩි (Arjun Reddy) ෆිල්ම් එකට සමාන කරනවා, හැබැයි වෙනසකට තියෙන්නේ මේ ෆිල්ම් එකේ ඒ වගේ පිරිමි ආධිපත්‍යය වීරකමක් විදියට පෙන්නන්නේ නැති එකයි. ඒක මානසික ගැටළුවක් විදියටයි මේකේ පෙන්නලා තියෙන්නේ.
මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Rahul Ravindran. ඒ වගේම ගොඩක් ලස්සන මියුසික් එකක් දීලා තියෙන්නේ අපි කවුරුත් දන්න Hesham Abdul Wahab (Hi Nanna, Kushi මියුසික් කරපු කෙනා).
මේ ෆිල්ම් එකට බොහොම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
Times of India සහ Indian Express වගේ තැන් වලින් මේකට 3.5/5 වගේ රේටින්ග්ස් දීලා තියෙනවා.
ගොඩක් අය කියන්නේ කතාව ටිකක් ස්ලෝ වුණාට, මේක සමාජයට හරිම වැදගත් පණිවිඩයක් දෙන, හිතට දැනෙන ෆිල්ම් එකක් කියලා.
බොක්ස් ඔෆිස් ආදායම පැත්තෙන් බැලුවොත් ඉන්දියානු රුපියල් කෝටි 29කට වඩා හොයලා තියෙනවා.
ඉතින් ඉමෝෂනල්, ඒ වගේම සබඳතා ගැන ගැඹුරින් කතා කරන ෆිල්ම්ස් බලන්න කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.











