EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Amir R. Khan, Arielle DePace, Ed Tilden, James Gunn, Kera Dacy, Lars P. Winther, Ryan J. Pezdirc
Cast
Go Full Cast PageThe Guardians of the Galaxy Holiday Special (2022) | “පීටර්”
The Guardians of the Galaxy කිව්වම කවුද නොදන්නෙ.MARVEL කොමික් කියවන සහ ඒ ආශ්‍රයෙන් හැදෙන චිත්‍රපට, කතා මාලා බලන අයට නම් The Guardians of the Galaxy කියන්නෙ ගොඩක් හුරු පුරුදු නමක්. ගොඩක් අයගෙ කැමති ම සුපිරි වීර කන්ඩායමක්.මගේ පවා .
ඉතින් අද මම සිංහල උපසිරැසිය අරන් ආවෙ අලුතින් ම රිලීස් වුන The Guardians of the Galaxy: Holiday Special කියන ෆිල්ම් එකට.ඇත්තට ම ෆිල්ම් එකක් කිව්වට මේක පුංචි වෙබ් එපිසෝඩ් එකක් වගේ. Run time එක විනාඩි 41යි. හැබැයි මේ පුංචි කාලය ඇතුලත ප්‍රේක්ෂකයා ට උපරිම දෙයක් දෙන්න ජේම්ස් ගන් ඇතුලු කන්ඩායම සමත් වෙලා තියෙනවා.මෑත කාලයේ නිකුත් වුන මාවල් නිර්මාණ එක්ක බලද්දි මේක නම් ඇත්තටම හොදම මට්ටමක තියෙනවා.ඉතින් ඔයාලත් මේක අනිවාරෙන් ම බලන්න. සුපිරිම කොමඩි ටිකක් එක්ක දුක,සතුට,ආදරය හරි ලස්සනට මේකෙ මිශ්‍ර කරලා තියෙනවා .(නැ නැ she hulk, Thor LAT එකේ වගේ cringe jokes මේකෙ නෑ.බය නැතුව බලන්න.)
කතාව පැත්තට ගියොත් , ඔයාලා යොන්ඩුව දන්නවනෙ.අර විසිල්.එකක් ගහලා ඊතලයක් පාලනය කරන නිල් පාට කෙනා.පොර කොහොමත් කුකුල් කේන්ති කාරයනෙ.ඉතින් යොන්දු පීටර්ගෙ පොඩි කාලෙදි එයාගෙ නත්තල විනාස කරපු විදිහ පෙන්නලා තමයි කතාව පටන් ගන්නෙ.
පීටර්ට පොඩි කාලෙ ඉදන්ම සතුටුදායක නත්තලක් තිබුනේ නෑ කියන කතාව දැනගත්ත පීටර්ගෙ යාලුවො හරියට දුක් වෙනවා.ඒ අතරින් මැන්ටිස්,ඩ්‍රැක්ස් කියන දෙන්නා හිතනවා පෘථිවියට ගිහින් පීටර්ට නත්තල් තෑග්ගක් ගෙනත් දීලා එයාගෙ පොඩි කාලෙ නැති වුන නත්තල ආපහු එයාට ලබාදෙන්න ඕනි කියලා .
ඉතින් මේ නත්තල් තෑග්ග වටේ තමයි මේ මුලු කතාවම ගොඩ නැගෙන්නෙ.ඇත්තට ම නත්තල් තෑග්ග මොකක් වෙන්න පුලුවන් ද?
ඒ වගේම මේකෙ අන්තිම විනාඩි කීපයේදි පීටර් සහ මැන්ටිස් ගැන විශේෂ දෙයක් හෙලි කරනවා.
ඇත්තට ම ඒ දේ ඊලග අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන The Guardians of the Galaxy- VOL 3 ෆිල්ම් එකට ගොඩක් වැදගත් වේවි.ඒකෙදි තවත් ඒක හයිලයිට් කරලා පෙන්නාවි.
(ඒ වගේම ඊලග අවුරුද්දෙ [2023) එන The Guardians of the Galaxy- VOL 3 ෆිල්ම් එකත් එක්ක අපේ මේ කන්ඩායමෙ කතාව ඉවර වෙනවා.ඒ කියන්නේ ඊලග අවුරුද්දෙ එන්නෙ The Guardians of the Galaxy අන්තිම ෆිල්ම් එක.)
- Guardians of the Galaxy (2014)
- Guardians of the Galaxy Vol. 2 (2017)
- The Guardians of the Galaxy Holiday Special (2022)
- Guardians of the Galaxy Vol. 3 (2023)











