EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Help (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cate Hardman, Donald Sparks, Karen Davis, Tate Taylor
Cast
Go Full Cast PageThe Help (2011) | හෘදයාංගම කතුවැකිය..
කැතරින් ස්ටොකෙට් විසින් 2009 වර්ෂයේදී The Help නමින් නවකතාවක් පල කිරීමට යෙදුනි. මෙය 2011 වර්ශයේදී එම නමින්ම රිදී තිරයට නැගෙන්නේ ටේට් ටේලර් අතින් චිත්‍රපටයට සරිලන අයුරින් ප්‍රතිරචනයෙන් සහ ඔහුගේම අද්විතීය අධ්‍යක්ෂනයෙනි. කතාවේ සාරය විවාදාත්මක හැඟීම් සමුදායකින් වෙලා, යුගයෙන් යුගයක මනුශ්‍යත්වය සොයන්නෙකුට ඇමරිකාවේ කලු ජාතිකයින් හට සුදු මිනිසුන්ගෙන් අත්විඳින්නට සිදුවූ අඩන්තේට්ටම් සහ කෙනෙහිලිකම්, සුදු මිනිසුන්ගේ ඇසට මනුශ්‍යයින් නොවූවත් මිනිසත් කමින් පිරුණු සුසිත් මනුශ්‍යයින් වූ ඔවුන්, ඔවුන්ගේ වැසුනු ලෑලි දොරවලට පිටුපා සුදු අවනඩු කඳුලු වලින් ලෑලි ගෙබිමෙන් සෝදන්නට වූ ආකාරය මැනවින් දක්වනට කතා කරුවා සුරුව ඇත. අඩු පඩියට ජීවිතයම සුදු පවුලකට කැප කොට, කලු මිනිසුන් සතියක දින නිවාඩුවක් ගන්නේ තම විවේකයට නොව තම දුක නැවත නැවතත් මෙනෙහි කොට හූල්ලන්නට ය. තමුන්ගේ කලු දරුවන් තමුන්ගේ හම කලුවූ සාපයට අසු වූවත්, හය හතර නොදන්නා ආදරෙන් පිරුණු සුදු ළදරුවන්ට බැලමෙහෙවර කම් කරන්නේ වැදූ අම්මාවරුන්ගේ ආදරෙයේ අඩුව කලු අම්මා කෙනෙකුගෙන් හෝ ලබාගන්නා නියාව තමුන් දන්නා හෙයිනි. තම දරුවන් ගෙදර තනිව ඇති දැඩි වෙද්දී උන්ව උස් මහත් කරන්නට හරි හම්බ කරන්නේ, තම සිත්තැවුල් සුදු ළදරුවන්ගේ දයාබර සිනහවෙන් සංසිඳුවා ගන්නට හැනි නිසා පමණක් නිසාම නොව හමේ ඇති සුද හදවතේත් ඇති අතලොස්සක් හෝ මිනිසුන් ඔවුන්ගේ ජීවිතයේ සිටින නිසාවෙනි.
මෙසේ සුදු හදවතක් ඇති කලු මෙහෙකාර අම්මා කෙනෙකුගේ සෙවනේ ඇති දැඩි වුනු ඉයුජිනියා ෆීලන් කුඩා කල පටන් රූමතියක් නොවුනු හෙයින් වැදූ තම අම්මාගේ ඇස නොගැටුනත්, ඉයුජිනියා ෆීලන් (ස්කීටර්) කොන්ස්ටන්ටීන් නම් තම ජීවිතයම ෆීලන් පවුලට කැප කල කාරුණික මෙහෙකාරිය තම මව් තැන තබා ඔවදන් ලබන්නේ හමේ සුද තම හදවතටද ආදර්ශ කර ගනිමිනි. දැන උගත් තරුණියක් ලෙස ඇති දැඩි වන ඇය ආශ්‍රය කරන තම යහලුවන් වර්ගවාදීන් වුවද, කුඩා කල පටන් තමාට ගුරුහරුකම් දුන් කොන්ස්ටන්ටීන් සිහියේ තබා කටයුතු කරනුයේ ඔවුන්ද මනුශ්‍යයෝ ය යන සම සිතිවිල්ලෙනි. ප්‍රාන්තයේ ජර්නලයක තීරු ලිපිකාරිනියක් ලෙස කටයුතු කරන්නට යෙදෙන ඇය නිව්යෝර්ක් නගරයේ සමාගමක ලේඛිකාවක් ලෙස රැකියාව කරන්නට උත්සාහා කලද, ඇයගේ අත්දැකීම් අඩුකම නිසාවෙන් ඇයට එම රැකියාවට අවස්ථාවක් ලැබෙන්නේ නැත. තමා නිවසේ නැති කාලය තුලදී කොන්ස්ටන්ටීන් නිවසෙන් යාම ඇයට ලොකු ගැටලුවක් වූවද පසුව තම මව විසින් ඇය රැකියාවෙන් පහ කල බව දැනගන්නට ලැබෙන ඇය ලේඛිකාවක් වශයෙන් ඇයගේ පලමු පොත රචනා කරන්නට කෙටුම්පත් තනන්නේ තම රැකියා අයදුම්පත ප්‍රතික්ශේප කල නිව්යෝර්ක් හාපර් සහ රෝ වල එලයින් ස්ටයින් සමගයි. ඇය තම පොතට මාතෘකා කරගන්නේ සුදු මිනිසුන්ගේ පවුල් වලට මෙහෙකාර කම් කරන මෙහෙකාරියන් හට සුදු පවුල් වලින් සිදුවන අකටයුතුකම් ය. මුලින් මෙහෙකාරියන් ඇයට තම තමුන්ගේ ජීවිත කතාව කියන්නට ප්‍රතික්ශේප කල ද, එදිනෙදා ඔවුනොවුනට සිදුවන ඉහිලිය නොහැකි අකටයුතු කම් අතරේ මෙහෙකාරියන් ඇයට තමුන්ගේ කතාව කියන්නට පෙලඹෙයි. පොත රචනා කරන අතරතුරම තමුන්ගේ මිතුරියන්ගෙන් තමුන්ට සිදුවන වෙනස්කම් වලින් පවා ඇය පලිගන්නට ඇය තම බුද්ධිය තීක්ශණව මෙහෙයවන්නට යෙදෙන්නේ කතාවට හාස්‍යද මුසු කරමිනි.
IMDB දර්ශකයේ 8.1ක අගයක් පමණක් නොව ලෝකය පුරා $216,639,112 ක් උපයා ගන්නේ ඇකඩමි සම්මාන වලද ඉහල ඇගයුම් වලට පාත්‍ර වෙමිනි. Viola Davis ඒබ්ලින් ක්ලාර්ක් ලෙසත්, Emma Stone ස්කීටර් ලෙසත්, Bryce Dallas Howard හිලී හෝල්බෘක් ලෙසත්, Octavia Spencer මිනී ජැක්සන් ලෙසත් යන ආකාරයෙන් ප්‍රධාන චරිත වලට පණ පොවයි. අග්‍රගන්‍ය රංගනයෙන් සහ ගැඹුරු සංවේදී කතා සාරයකින් අනූන කතාවක් ලෙස දැක්විය හැකි මෙම කතාව ඔබගේ දෑසට කඳුලක් සේම සිතට හිතන්නට යමක් ඉතිරි කරනු නොඅනුමානයි.











