EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Patrick Hughes
Cast
Go Full Cast PageHitman’s Wife’s Bodyguard (2021) | බොඩිගාඩ් නිවාඩුව සහ අපරාධ හනිමූන් | 18+
නැවතත් ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයත් The Hitman’s Bodyguard (2017) කතාවට පසුව මයිකල් බ්‍රයිස්ට සිද්ධවෙන අලකලංචි වලින් පිරුණු දෙවනි චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි ඔයාලා හමුවට මේ ගොඩවදින්නේ. පලමු චිත්‍රපටයේ දී මයිකල් බ්‍රයිස් AAA (Triple A) ගණයේ ආරක්ශාව සපයන අති සාර්ථක ආරක්ශණ සමාගමක් මෙහෙයවනු ලබනවා. ඒ වගේම කතාවේ සම ප්‍රධාන චරිතය වුනු ඩැරියස් කින්කේඩ් කියන කුලී මිනීමරුවා නිසා මයිකල් බ්‍රයිස්ගේ මේ සාර්ථක ආරක්ශණ සමාගම නැත්තටම නැතිවෙලා ඔහුගේ ආරක්ශණ බලපත්‍රය අවලංගු වෙලා යන්නේ, ඩැරියස් අතින් බ්‍රයිස්ගේ ඉහලම සේවාදායකයෙක් වෙන කුරසාවා කියන පුද්ගලයා ඝාතනය වීමත් සමගයි. නමුත් ඔහුට තමුන්ගේ පරණ පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවූ ආකාරයට උදව් ඉල්ලීමක් සිද්ධ වෙන්නේ බෙලරූසයේ ඒකාධිපති පාලකයාට එරෙහිව සාක්ශි දීමට සිටින සාක්ශිකරුවෙක් ආරක්ශා කරදෙන ලෙසයි. ඒ ආකාරයෙන් ඩැරියස් කින්කේඩ් සහ මයිකල් බ්‍රයිස්ගේ මුහුණට මුහුණ මුණගැසීමත් සාක්ශි දීමට උසාවි සංකීර්ණය දක්වා ඩැරියස් කින්කේඩ්ව ආරක්ශාකාරීව රැගෙන යාමත් සිද්ධ වෙන්නේ හාස්‍යජනක ගැටුම් රාශියක් මධ්‍යයේ. මේ ආකාරයෙන් සිදුවන කතාව අවසානයේදී මයිකල් බ්‍රයිස් ඔහුගේ ජීවිතය පරදුවට තබමින් ඩැරියස් කින්කේඩ් වෙඩි ප්‍රහාරයකින් බේරාගනු ලබනවා. මෙහිදී යම් ආකාරයක මිත්‍රත්වයක් මොවුන් අතර ගොඩ නැගෙන සේයාවක් සමගයි කතාව අවසන් වෙන්නේ.
දෙවනි කතාව ආරම්භ වෙන්නේ මෙම මුල් කතාවේ අවසානයයෙන් පසු කාලයක් පාදක කරගෙනයි. මයිකල් බ්‍රයිස් විසින් ඩැරියස් කින්කේඩ්ව ආරක්ශා කරගෙන උසාවියට එන අතරමගදී බ්‍රයිස්ට දැනගන්න ලැබෙන්නේ කුරසාවාගේ මරණයට වගකිව යුත්තා ඩැරියස් කින්කේඩ් බව දැනගන්නට ලැබෙන්නේ. ඔහුගේ පරිපූර්ණ ජීවිතය සීසීකඩ විසිරි විනාශ වී ගියේ ඩැරියස්ගේ ක්‍රියාවක් බව දැනගැනීමෙන් පසුව ඔහු තදින්ම මානසිකව පසුබෑමකට ලක්වෙනවා. තමුන්ගේ මනෝ චිකිත්සකවරියගේ උදෙස් මත ආරක්ශක වැඩ, අවි ආයුධ, ලේ ගැලීම් වලින් ඈත්ව නිස්කලංකව නිවාඩුවක් ගතකිරීමට යන්නේ මේ උපදෙස යටතේයි. නමුත් වැඩි කාලයක් මේ ආකාරයට ඔහුට නිවාඩුව ගතකිරීමට ලැබෙන්නෙ නෑ.
ඩැරියස් කින්කේඩ්ගේ පෙම්වතිය වුනු සෝන්යා දැන් ඔහුගේ බිරිඳ බවට පත්වුනු පසුව මධුසමය ගතකිරීමට ගිය දිනයත් බ්‍රයිස්ගේ නිවාඩුව ගතකරන දිනයත් එකිනෙකට සමගාමීව අහම්බයක් ලෙස සිද්ධ වනවා. එමෙන්ම ඩැරියස්ගේ පරණ සතුරන් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන යාමත් සමග සෝන්යාට තමුන්ගේ සැමියාව බේරාගැනීමට උදව් අවශ්‍ය වෙනවා. ඩැරියස්ගේ උපදෙස් මත ඇය මයිකල් බ්‍රයිස්ගේ උදව් පතාගෙන ඩැරියස්ව බේරාගැනීමට යාමත් සමගයි කතාව ආරම්භ වන්නේ.
ඩැරියස් බේරාගැනීමේ මෙහෙයුමත් සමග ඔවුන්ට තව තවත් රසවත් නමුත් භයානක කරදර සමූහයකටම මුහුණ දෙන්න සිදුවනවා. මයිකල්ට තමුන්ගේ නිවාඩුව අහිමිවීමත්, සෝන්යාට තමුන්ගේ මධුසමය අහිමි වීමත් අතරේ ජීවිතය බේරාගැනීම දෙපාර්ශවයටම පොදු කාරණාවක් බවට පත්වෙනවා. ඒ අතරතුර තවත් පාර්ශවයන් කිහිපයකින්ම ප්‍රශ්ණ ගැටලු ඔවුන් තිදෙනාටම යොමුවන අතරේ තමුන් තිදෙනා අතරේ තියෙන පෞද්ගලික ප්‍රශ්ණත් ඒ අතරටම පැමිණීමත් සමග ඔවුන් විශාල අවුලකට පත්වෙනවා.
සෝන්යා කින්කේඩ් සහ ඩැරියස් කින්කේඩ් යන දෙපල තරමක් නපුරු චරිත දෙකක් වගේම කිසිම පාලනයක් නොමැති චරිත දෙකක් ලෙස කතාව තුලින් තදින්ම මතුවන්නේ ඔවුන් දෙපලගේ ආදරණීය පරුෂ වචන නිසාවෙන්. ඒ නිසා පොඩි අයට මේ කතාව බලන්න එපා කියලා කියන ගමන්ම මම අදට සමුගන්නම්











