EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Intruder (2024) | “අළුත් ගෙදරකට පදිංචියට ආපු කෙනෙක්”

 

මයිකල් කියන්නේ දෙමාපියොත් එක්කම හැදිල වැඩිලා එක පාරටම අළුත් ගෙදරකට පදිංචියට ආපු කෙනෙක් තනියම ජීවත් වෙන්න. ආවත් හරි එයාට අමුතු හීන පේන්න ගන්නවා, ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්න බැරි. කාටවත්ම ඇත්තට වුණා කියලා විශ්වාස කරන්න බැරි තරමේ දේවල්. ඔහුට ඒවා පිළිබඳව යම්කිසි උදව්වක් ඔහුගේ අසල්වැසියා ජෝ ගෙන් ලැබෙනවා. හැබැයි ප්‍රයෝජනවත් උදව් ලැබෙන්නෑ. ඊටත් වඩා ඒ ගෙදර කලින් හිටපු නැන්සිටත් මේ වගේ අද්භූත දේවල් වෙලා තියෙනවා. ඇය නම් කියන්නේ ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලයි. ඉතිං මයිකල්ට මේ වෙන දේටත් හේතුව අදෘශ්‍යමාන බලවේග වෙන්න පුළුවන්ද? නැත්තම් වෙනත් දෙයක්ද? එහෙමත් නැත්තම් ඔහුට තනිකම හුරු නැති නිසා හිතෙන් මවාගත්තුවද? ඒවා ගැන දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මේ චිත්‍රපටය නිකුත් වුණේ 2025 ජනවාරි 30 වෙනිදා. මේක අධ්‍යක්ෂණය සහ තිරපිටපත ලියන්නේ Jack Brame විසින්. රංගනයෙන් දායක වෙනවා David Gow, Steve McNair, Monica Bell, Cody Robinson, Nora Hahn, Austin Butler, Eric Skiles, Wesley Stilwell වැනි අය.

මේකට ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මිශ්‍ර විදිහට තමයි ලැබිලා තියෙන්නේ, හොඳ සහ නරක අතරින්. හැබැයි ඔයාලට නැවුම් අත්දැකීමක් ගන්න ඕන්නම් මේකයි අවස්තාව. ඒ විතරක් නෙමේ චිත්‍රපට හදන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවා නම් අඩු මුදලකින් හොඳ චිත්‍රපටයක් හදාගන්න හැටි ගැනත් මේක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයි.

එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. චිත්‍රපටය රස විඳින්න!

Comments

November 27, 2025

❤️