EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Killer’s Game (2024) | “කුලී ඝාතකයා”

 

හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අදත් අරන් ආව අලුතෙන්ම Release වුණ Film එකක්. මේ 2024 September 13 Release වුණ අපි කවුරුත් දන්න Wrestling තරුවක් වෙන Batista ගෙ අලුත්ම Action Packed Film එක තමයි The Killer’s Game කියන්නෙ.

Film එක ගැන කිව්වොත් ජෝ ෆ්ලඩ් කියන කුලී ඝාතකයා තමන්ට මාරාන්තික රෝගයක් තියෙනව කියලා හොයාගෙන තමන්වම ඉවරයක් කරන්න Contract එකක් බාර දෙනවා යම්කිසි හේතුවක් හින්දා මේ Contract එක ඔහුට අයින් කරගන්න ඕන වුනත් ඒක බාර දීපු අය නම් ඒකට කැමැත්තක් නෑ ඒකෙන් ඔහුගේ හිටපු පෙම්වතිය ද ඉලක්කයක් වෙනවා. ඉතින් ඔහු මේක කොහොම විසඳගනීද කියලා බලන්න නම් මේ Action පිරුණ Film එක බලන්නම වෙනවා.

Main Cast එක විදියට Wrestling තරු වෙන Dave Bautista , Drew Mcintyre වගේම Sofia Bautella , Scott Adkins , Terry Crews වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා. Action | Thriller | Comedy ඝනයට අයිති වෙන මේ Film එක IMDB 5.7ක් වගේම Google Users Rating 82% ක් ලැබිලා තියෙනවා. Action Scene ටිකත් සුපිරියටම තියෙනවා. එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments

October 22, 2024

❤️👍