EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

දැනට Naruto ෆිල්ම්ස් 8ක් ඇවිල්ල තියෙනවා. මේ කතාව ඉස්සෙල්ලම ආවේ චිත්‍ර කතා පොතක් විදිහට. ඒක රචනා කරලා තියෙන්නේ Masashi Kishimoto කියන රචකයා. පස්සේ එක ගොඩක් ජනප්‍රිය වුන නිසා anime (ජපන් කාටුන් වලට කියන්නේ anime කියලා) එකක් හැදුවා. එක ආවේ Naruto සහ Naruto Shippûden කියල කොටස් දෙකකට. ඔයාලා එක බලන්න ගත්තොත්, දිගටම බලන්න පුරුදු වේවි. මේ කතාව ඒ තරමටම රසවත්.

මේක ඇවිල්ල අනිත් කතා වලට වඩා වෙනස් එකක්. ඒකියන්නේ මේක love story එකක්. මේකට IMDB 7.8 ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ උසුමකි නරුටෝයි, හියුගා හිනාටයි. හිනාටාගේ නංගිව කට්ටියක් පැහැරගෙන යනවා. නරුටෝයි එයාගේ කට්ටියයි යනවා එයාව බෙර ගන්න. ඒ අතරේ හඳ පෘථිවියට කඩන් වැටෙන්න යනවා. හඳ කඩන් වැටෙන එකයි, හිනාටාගේ නංගිගේ පැහැර ගැනීමයි අතරේ සම්භන්දයක් තියෙනවා කියල මේ අය දැන ගන්නවා. කතාව දිගටම කියන එක හරි නෑනේ. ඔයාලා කතාව බලල අඩුපාඩු තියෙනවනම් කියන්න. මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩාක් වැරදි ඇති. ඒ ගැන සාමාවෙලා කට්ටියම කතාව බලන්නකෝ.

Comments