EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Last Survivors (2014) | ලෝකය වියළි ගියොත්…
මේ film එක ගැන කතා කලොත් කියවෙන්නේ ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන් දෙයක්ද කියලත් හිතෙනවා. අනාගතයේ දී යම් යම් හේතු නිසා වහින එක නතර වෙනවා. මුල් කාලයේදී කට්ටිය ජලය බෙදා හදාගෙන භාවිතා කලත් කල් යත්ම කට්ටිය තේරුම් ගන්නවා ආයේ වහින්න සැහෙන කාලයක් යනවා කියන එක. ඉතින් කට්ටිය ජල මුලයන් වලට අයිතිය කියනවා, ඒ වෙනුවෙන් මරා ගන්නවා. ඒ වගේ සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.
මේක 2014 දෙසැම්බර් මාසයේ කුවේට් වල තමයි මුලින් Release වෙලා තියෙන්නේ. මේක Action, Thriller කියන කාණ්ඩයට වර්ග කරලා තියෙන විනාඩි 95 ක් පුරා දිවෙන නියම චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන නිළිය තමයි Haley Lu Richardson. මෙයා අලුත් නිලියක් කොහොමහරි මේකේ ප්‍රධාන චරිතය තමා කැන්ඩල් කියන ගැනු ලමයා. මේ වෙන කොට මේ ගොල්ලෝ ජීවත්වෙන නිම්නයේ ඉන්නේ බොහොම සුළු පිරිසක් ඒ අයත් වතුර නැතිව පීඩා විඳිනවා. කැන්ඩල් හදන්නේ මෙයා ආදරය කරන කීපදෙනෙකුත් එක්ක මේ නිම්නයෙන් පිටවෙන්න. එකට මෙයා ප්ලේන් එහෙකුත් හොයා ගෙනයි තියෙන්නේ, හැබැයි මේකේ කැල්ලක් අඩුයි. මේ කැල්ල සොයමින් මෙයා හැම තැනම යනවා. මෙහෙ ඉන්නවා කාර්සන් කියලා තෙල් සමාගම් හිමියෙක්, එයා හිතන්නේ තියෙන සේරම වතුර එයාගේ, ඒ නිසා ඉඩම් සේරමත් එයාගේ කියලා. ඉතින් මෙයා මේ නිම්නයේ ඉන්න සේරමව මරණ අදහසින් තමා ඉන්නේ.
ඉතින් ගොඩක් කියලා තියනවා නියම අසා හිතෙන film එකක්. මේක Release වෙන්න කලින් The Well කියන Code name එකක් තමා තිබුනේ.











