EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Lord of the Rings: The War of the Rohirrim (2024) | “රොහානය වෙනුවෙන්”

 

Fantasy/War කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය New Line Cinema සහ Warner Bros. Animation වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන්නේ Kenji Kamiyama. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 14. Brian Cox, Gaia Wise, Luke Pasqualino, Miranda Otto ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

The Lord of the Rings චිත්‍රපටි වල කතාවට අවුරුදු 200කට කලින් කතාවක් තමයි චිත්‍රපටියට මූලික වෙන්නේ. හේල්ම් හැම‍ර් හෑන්ඩ් කියන රොහාන් වල රජතුමාගේ පාලන කාලයේ සිද්ධවෙන ආක්‍රමණයක් වටා තමයි කතාව ගෙතෙන්නේ. ප්‍රධාන චරිතය වෙන්නේ රජතුමාගේ එකම දියණිය වෙන හේරා කුමරිය. ඊට අමතරව හාලෙත්, හාමා කියන සහෝදරයෝ දෙන්නත් හේරාට ඉන්නවා.

ආරවුල් පටන්ගන්නේ බටහිර පාලකයා වෙන ෆ්‍රෙකා තමන්ගේ පුතා, වුල්ව හේරාට විවහ කරන්න ගේන යෝජනාවත් එක්ක, මෙතනදි සිද්ධවෙන කතා බහක් නිසා රජතුමා අතින් ෆ්‍රෙකා මැරෙනවා වගේම වුල්ෆ්ව පිටුවහල් කරනවා රොහාන් වලින්. මේ තරහත් හිතේ තියාගෙන රොහානය විනාශ කරන්න වුල්ෆ් දරන උත්සාහය තමා ප්‍රධාන වෙන්නේ.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments