EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Man from Earth: Holocene (2017) | වසර 14000ක් ජීවත් වූ මිනිසා

The Man from Earth: Holocene කියන මේ චිත්‍රපටය එළිදැක්වූ දිනය වෙන්නේ 2017 ජුනි 10 වැනිදා. මේ චිත්‍රපටය 2007 වසරේ එළිදැක්වුණු The Man from Earth චිත්‍රපටයේ දෙවැන්න කියලා තමයි සඳහන් වෙන්නේ, නමුත් ඒ චිත්‍රපටය මුලින් බලන්න කිසිම උවමනාවක් නැහැ මොකද මේක වෙනම කථාවක් විදියටයි ගලාගෙන යන්නේ. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක වරයා වෙන්නෙ Richard Schenkman.

IMDB දර්ශකයේ 5.3 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය, Rotten Tomatoes වලින් 60% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1 ක් සහ විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ආගමික විශ්වාසයන් ගැන වෙනස්ම ආකාරයකින් දකින චිත්‍රපටයක් කියලා හඳුනවන්න පුළුවන්. මෙම චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ Drama/ Fantasy ගණයට වුණත් මගේ අදහස නම් පොඩි Sci-Fi ගතියකුත් මේ චිත්‍රපටයේ තියෙනවා කියලා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ගැන කථා කළොත්, Richard Schenkman නම් ඔහු, ඇමරිකානු ජාතිකයෙක්. තිර රචකයෙක්, අධ්‍යක්ෂක වරයෙක්, නිෂ්පාදක වරයෙක් වගේම සුළු චරිත රඟපෑ නළුවෙක් ද වෙනවා. Abraham Lincoln vs. Zombies (2012), Mischief Night (2013) සහ Zombie Night (2013) වගේ චිත්‍රපට ඔහු විසින් දායකත්වය දුන් ඒවායි.

ඉතින් මම බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා, කලාතුරකින් බලන්න පුළුවන් වර්ගයේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් වෙන The Man from Earth: Holocene චිත්‍රපටය බලන්න කියලා

Comments