EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Elizabeth West, Guy Ritchie, Sharon Mansfield
Cast
Go Full Cast PageThe Man from U.N.C.L.E. (2015) | ඔත්තුකරුවෝ
imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා.
මෙම චිත්‍රපටයට මූලික වුනේ 1964 තරම් ඈතට දිවයන කතාමාලාවක්. කොහොම වුනත් මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා සමඟ චිත්‍රපටය ඩොලර් මිලියන 100.5 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒවගේම් චිත්‍රපටය ගැන ලියවුනු ප්‍රතිචාර බොහොම සාර්ථක ප්‍රතිචාරයන්. බයිස්කෝප් වාසීන් හැමදෙනාම බැලිය යුතු චිත්‍රපටයක් කියල මම යෝජනාකරනවා. බලන අය පූර්ව ප්‍රචාරක පටය බලලම බාගන්න දාන්නකො එහෙනම්.
චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම ගලාගෙන යන්නෙ ඔත්තුකරුවන් දෙදෙනෙක් වටා. එක් අයෙක් ඇමෙරිකානුවෙක්. අනිකා රුසියානුවෙක්. ඇමෙරිකාව හා රුසියාව කිව්වම ඉතින් බලය අතරින් ඉහළින්ම ඉන්න රටවල් දෙකක්නෙ. මේ ඔත්තුකරුවන් දෙදෙනාම එවන්නෙ පරමාණුක බෝම්බ පිළිඹඳ පරීක්ෂණයක දත්ත ලබාගන්න. ඒ තැටිය තියෙනකෙනා කවුරු වුනත්, ඔවුන් ලෝකෙ බලවත්ම රාජ්‍යය වෙයි. ඉතින් මෙහෙම එවපු ඔත්තුකරුවන් දෙදෙනාගෙන් කවුරු සාර්ථක වෙයිද? එහෙම නැත්නම් වෙනම කතාවක් ගලාගෙන යයිද?











