EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Mehta Boys (2025) | තාත්තයි පුතයි
පියෙකුගෙයි පුතෙකුගෙයි අතර අති අපූරු සම්බන්ධයක් තමයි මේ කතාවට පාදක වෙන්නෙ.
බෝමන් ඉරානි කියන්නෙ හිංදි සිනමාවෙ ප්‍රධාන වශයෙන් විකට චරිත වලට ජනප්‍රිය ඒ වගේම ඉතාමත් දක්ෂ චරිතාංග නළුවෙක්. මට නම් මතක තියෙන්නෙ 3 Idiots චිත්‍රපටියෙ ප්‍රොෆේසර් වරයව. Dunki (2023) එකත් මත්ක් කර ගන්න .ඉතිං මේ සම්මානනීය නළුවා රචනාව සහ අධ්‍යක්ෂනය කරල නිශ්පාදනයත් කරන මේ චිත්‍රපටය ඉතා සංවේදී කතාවක් රැගෙන එනවා.
ඉරානි මේ චිත්‍රපටයෙ සිය බිරිඳගේ අධිකාරී බලයට යටත් වැඩි වග කීමක් නොමැති වයෝවෘද්ධ තාත්ත කෙනෙක්. දියණිය ඇමරිකාවෙත් පුත්‍රයා මුම්බායි වල ගෘහ නිර්මාණ ශිල්පියෙක් හැටියටත් වැඩ කරනවා. තාත්තයි පුතයි අතර එතරම් හොඳ සම්බන්ධයක් තිබිලම නෑ.වාසනාවකට ඔවුන් දෙදෙනා දුරස්ථව තමයි වාසය කලේ. ඒත් තම ආදරණීය බිරිඳගේ හදිසි අභාවයත් සමග තනි වන ඔහුට සිය බිරිඳගේ සොඳුරු මතකයන් රැගත් නිවස ඇතුළු සියල්ල හැර දමා දියණිය සමග ඇමරිකාවට යාමට අකැමත්තෙන් හෝ සිදු වෙනවා. කෙසේ වෙතත් තමන්ගේ ගුවන් ගමන් දින දෙකක් ප්‍රමාද වීම නිසා ඔහුට සිදුවන්නේ තම පුත්‍රයා සමග දින දෙකක් ගත කිරීමට. සිය රැකියාවේ ගැටළුත් සමග මුම්බායේ ඔහුගේ කුඩා මහල් නිවාසයේ පියා සමග ගත කරන පැය 48 කෙසේ වෙයිද කියල නරඹන්න.
ඉරානි සමග අවිනාශ් තිවාරි, ශ්‍රෙයා චවුද්‍රි සහ පූජා සරුප් මෙහි ඉතිරි ප්‍රධාන චරිත රඟපානවා.




