EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Old Guard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abdelghafar Essalfi, Abigail Manson, Aisling Hughes, Andy Madden, Ashley Turner, Behnam Taheri, Claire Stratton, David Keadell, Gina Prince-Bythewood, Hamid Ait Timaghrit, Jackson Ezard, Jeff Habberstad, Mouataz Guermah, Mouhssine El Badaoui, Ranya Targhy, Robert Madden, Roxanne Cuenca, Sussanah Madden, Talal El Moustaghfir, Toby Hefferman
Cast
Go Full Cast PageThe Old Guard (2020) | අමරණිය රණශුරයින්…
චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2020 වර්ෂයෙ ජූනි මස 10 වෙනිදා. ඒ කියන්නෙ අද දවසෙ. ඒවගේම තමයි මං ලිපිය ලියනකොටත් IMDb රේටින් අගයක් තිබුණේ නැහැ. කොහොමත් ඕක හැදෙන්න කාලයක් යනවා. ඉතිං ඔබ රේටින් නරඹා චිත්‍රපට බලන කෙනෙක් නම් ඒ එනකම් ඉඳලා බලන්න පුළුවන් එසේ නැත්තම් පහල ඇති ”පුර්ව ප්‍රචාරක පටය” නරඹා බලන්න පුළුවන්. ඉතිං කොහොමහරි මේක අධ්‍යක්ෂණය කරන්නෙ ”Gina Prince-Bythewood” විසින්. ඒවගේම පැය 2 පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Fantasy | Thriller | Action | Sci-Fi යන කාණ්ඩ වලටයි. ඒවගේම තමයි රංගනයෙන් Charlize Theron | Kiki Layne | Matthias Schoenaerts | Marwan Kenzari | Luca Marinelli | Chiwetel Ejiofor | Harry Melling | Haruka Ohshima | Ngo Thanh Van රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ඇන්ඩි, නිකී, ජෝ, බුකර් කියන්නෙ ඉස්සර ඉඳලම පැවතගෙන එන කට්ටියක්. උඩ කිව්වත් වගේම අමරණීය පුද්ගලයි පිරිසක්. එයාලට මේ බලය කොහොම ලැබුණාද කියන එක ගැන කිසිම සඳහනක් නැහැ. ඔන්න කොහොමහරි මෙයාලා අවුරුදු ගාණක් පණ බේරාගෙන ඉන්නවා. ඒ අවුරුදු ගණනා වලදී ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයාලා නොහිතන විදියෙ. කොහොමහරි දැන් වර්ථමානයට එලබිලා. හොර රහසේ සිටින මෙයාලාට වැඩක් හම්බවෙනවා CIA එකෙ හිටපු පුද්ගලයෙක් මගින්. නමුත් අතරමඟදී තේරුම් යනවා මොහු කරන්නෙ ද්‍රෝහීකමක් කියලා. ඔහු කට්ටියක් දමලා මොවුන්ව මරණවා. ඒවගේම තමයි ඔහු එය රෙකෝඩ් කරගන්නවා. මොකද ඔහු කලින් ඉඳලම මොවුන් ගැන හොයපු කෙනෙක්. හැබැයි කණ්ඩායමේ කට්ටියට මේ ගැන කිසිම අදහසක් නැහැ. ඉතිං මේ වැඩේ නිසා කණ්ඩායමේ කට්ටියට ලොකු තරහක් යනවා. මොකද කිව්වොත් එයාලා අහුවෙන්න බයයි. ඒ අවුරුදු ගාණක ඉඳලා එයාලා ඒ දෙයින් පාඩමක් ඉගෙනගෙන තියෙන නිසා. ඒක ඔයාලට කතාව බලද්දී තේරුම්යයි. කොහොමහරි ඔය අතරේ තමයි මෙයාලගෙ කණ්ඩායමට ඇතුලෙන් සමාජිකයෙක් එකතු වෙන්නෙ. ඉතිං ඇයට වෙන දේවල් ගැන කිසිම අදහසක් නැහැ. හැමෝම වගේ ඇය දිහා අමුතු විදියට බලන්නෙ. ඉතිං මොහුන්ට පුළුවන් වෙයිද CIA කෙනාව මරණ්න? ඒවගේම අලුත් සමාජිකාවට කුමක් වෙයිද මේ සිද්ධ වෙන දේවලුත් එක්ක? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. ඒවගේම තමයි මෙහි අවසානය හැටියට දෙවැන්නක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන කිසිම සඳහනක් නැහැ. ඉදිරියෙඩි අපි බලමුකො.
- The Old Guard (2020)
- The Old Guard 2 (2025)












