EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Order (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTHE ORDER (2024)| සත්‍ය කතාවක් ඇසුරෙන්... !
The Order (2024) කියන්නේ ජස්ටින් කර්සෙල් (Justin Kurzel) විසින් අධ්‍යක්ෂණය කරන ලද කැනේඩියානු චිත්‍රපටයක්. මේක 1989 දී ප්‍රකාශිත The Silent Brotherhood නම් සත්‍ය කෘතියක් සහ සත්‍ය කතාවක් මත පදනම්ව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
චිත්‍රපටයේ කතාව 1980 දශකයේ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ සුදු ජාතිවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් වන “The Order” නම් කල්ලිය වටේ තමා ගෙතිලා තියෙන්නේ මේකේ ඇත්තම සිදුවීම මේකයි,
1983 දී, ඇමෙරිකාවේ වොෂින්ටන් සහ අයිඩහෝ ප්‍රදේශවලදී සිදු වූ බැංකු සොරකම්, බෝම්බ ප්‍රහාර සහ වංචාකාරී ක්‍රියා මාලාවන් සහ මිනීමැරුම් නිසා මේ ප්‍රාන්තයම එකම අවුල් ජාලයක් වෙනවා.
මේ ප්‍රහාර ඔක්කොම සංවිධානාත්මක සුදු ජාතිවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන බව විශ්වාස කරන FBI නියෝජිත ටෙරි හස්ක් මේ සිද්දි දාමය පරික්ෂා කරන්න ගන්නවා , ඔය අතරේ එයාට දැනගන්න ලැබෙනවා, බොබ් මැතිව්ස් නම් පුද්ගලයෙක් නායකත්වය දරන “The Order” නම් කණ්ඩායමක් ගැන .
මේ කණ්ඩායම, ඇමරිකානු රජය පෙරළා දැමීමේ අරමුණක් ඇතිව ක්‍රියාත්මක උන දෙයක් මේ කල්ලිය සහ පොලීසිය අතර ලොකු ගැටීමක් ඇති වෙලා තියෙනවා ඉතින් පොලීසිය කොහොමහරි මේ කල්ලිය අල්ලගෙන සිද්ද වෙන්න ගිය ලොකු විනාශයක් නවත්තගෙන තියෙනවා
ඒ සිද්ද උන අතීත කතාව තමයි මේ චිත්‍රපටියක් විදිහට ඔයාල අතරට එන්නේ , හොද ඇක්ෂන් ටිකක් බලාගන්න පුලුවන් ඔයාලට …..
ඉතින් හැමෝටම බලලා රස විදින්න කියලා ආරාධනා කරනවා












