EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Outlaws (2017) | කළු මකර කල්ලිය
මේ චිත්‍රපටිය 2017 හොදම කොරියානු චිත්‍රපටි අතරින් එකක් වෙනවා.ඒ මොකද කියනවනම් මේ චිත්‍රපටියට IMDb අගය 7.2 ක ඉහළ අගයක් ලැබිල තියෙන නිසා සහ rotten tomatoes වල 100% ක අගයක් ලැබිල තියෙන නිසා කියන්නත් පුළුවන්.ඒ විතරක් නෙවෙයි මෙම චිත්‍රපටිය ඇ. ඩො මිලියන 52.8 ක ආදායමකුත් උපයලා තියෙනවා.action/crime ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය මමත් ආසාවෙන් බලන්න හිතාගෙන හිටපු වගේම බලපු චිත්‍රපටියක්. ඒ වගේම තමයි මේක 2004 වර්ෂයේදී සිද්ද වුන සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරින්නි ර්මාණය කරන ලද චිත්‍රපටයක්.තවත් වැඩි කතාවක් නැතුව කතාවෙ අන්තර්ගතය ටිකක් කියන්නම්. සෝල් වල චීන නගරයෙ එහෙමත් නැත්තන් චයිනා ටව්න් එකේ වැඩි හරියක් ඉන්නෙ චීන සහ කොරියානු සම්භවයක් තියෙන මිනිස්සු වගේම චීනෙ ඉදන් හොරාට කොරියාවට ආපු සංක්‍රමනිකයෝ.. මේ අතර සාමාන්‍ය වෙළෙන්දන් වගේම මැර කල්ලි කීපයකුත් තියෙනවා. මේ කල්ලිවල ක්‍රියා කලාපය නිසා නිතරම පිහි ඇනුම් සහ රණ්ඩු සරුවල් ඇති වෙනවා.මේ පාතාල කල්ලි නිසා පිඩාවට පත් වෙන්නෙ අහිංසක ජනතාව.ඒ වගේ වෙලාවට මේ පළාතේ අපරාද අංශ එකකේ නිලදාරීන් එකතු වෙලා තමයි මේ කෝලාහල සමතයකට පත් කරන්නෙ.
ඒත් මේ කිසි කෙනෙක්ව හිරේට දාන්නේ නම් නෑ.පොලිසියෙ ඉන්න මා සොක් දෝ කියන නිලදාරිය හැම මැර කල්ලියකම අතර මැදියෙක් හැටියට වැඩ කරනවා. කොහොම හරි මේ විදියට සාමාන්‍ය අපරාද වෙන වෙන නගරෙට චීන කොරියානු සම්බවයක් තියෙන තවත් අමුත්තෝ 3 දෙනෙක් එනවා.හැබැයි මේ අය නම් සාමාන්‍ය මැරයො වගේ පිහියෙන් නෙවෙයි වැඩ කරන්නෙ.. කෙලින්ම කෙටේරියෙන් තමයි කොටන්නෙ. ජන්ග් චෙන් කියන්නෙ මේ තුන් දෙනාගෙ අතරින් නායකයා. මෙයාල කරන්නෙ ණයට සල්ලි දීල ඒවට සෑහෙන පොලියක් අය කරන එක. ඒක ගෙවන්න බැරි වුනාම අත පය කපල දානවා.ඉතින් මේ චීන නගරයෙ මැර කල්ලියක එක මිනිහෙක් මෙයාලගෙන් ණයට අරගෙන ගෙවාගන්න බැරි වෙනවා.ඊට පස්සෙ මේ ජන්ග් චෙන් ඒ මැර කල්ලියෙ නායකයව මරල ඒ කල්ලියෙ පාලනය අතට ගන්නවා. ඊට පස්සෙ, සාමාන්‍ය අපරාද වුන මේ නගරෙ දිගින් දිගටම දරුණු අපරාද වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මැරයොත් දරුණු වෙනවා. සේරම පාලනයෙන් තොර වෙනකොට මේ නගරෙ අපරාද අංශෙ මෙහෙයුමක් දියත් කරනවා.ඒ තමයි සේරම මැරයො ටික ඒක රැයකින් අල්ලගන්න ඒක. ඉතින් මේ කියපු තරමට වැඩි දෙයක් කතාවෙ අන්තර්ගත වෙනවා. මේක තනිකරම මැර කතාවක් කියන්න පුළුවන්.ඒ වගේ කතා වලට කැමති අයට පැය 2 ක් පුරාවටම රස විදින්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක.
<!– ####### HEY, I AM THE SOURCE EDITOR! #########–>
The Outlaws (2017)
The Roundup (2022)
The Roundup: No Way Out (2023)
Comments
April 30, 2023
ade enkn bln hitye saho
May 14, 2023
Start up 2019 ona bro