EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Pack (2015) | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය
මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියටත් නිර්දේශ කරනවා.
චිත්‍රපටය සඳහා පදනම් වෙන්නෙ ඇති විශාල වනාන්තරයක්.මේ තෙරක් නොපෙනෙනා වනාන්තරයේ එක් හුදෙකළා ස්ථානයක ගොවිපලක් පිහිටා තිබෙනවා.ගොවිපළේ ජීවත් වන්නේ එක් පවුලක් පමණයි.දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා.මේ අතර වාරයේදී වනාන්තරයේ ජීවත්වුණු ගොවියකු සහ ඔහුගේ බිරිඳගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව වාර්තා වනවා.සත්ව කොට්ටාශයක් මගින් සිදුකල ඝාතනයක් බව හෙළිවුවත්, කුමන සත්ව කොට්ටාශයදැයි හෙළිවන්නේ නෑ.ගොවිපළේ ජීවත්වන පවුලද මේ පිළිබඳව විමසිල්ලෙන් පසු වූවා, මන්දයත් මෑතකදී පටන් ඔවුන්ගේ ගොවිපළේ සතුන්ද අභිරහස් ලෙස මිය යාමට පටන්ගෙන තිබුණා.නමුත් ඔවුන් එය එතරම් බරපතල ලෙස නොසිතයි.නමුත් නොසිතූ අයුරින් එක් දිනක් රාත්‍රියේ මෙම සතුන් විසින් ගොවිපළ ආක්‍රමණය කරනු ලබනවා.තම ජීවිත රැකගැනීමට ඔවුන් කුමන අන්දමේ තීරණයක් ගනීවිද…..ඉතිරිය ප්‍රේක්ෂක ඔබට බාරයි.


