EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Plot (2024) | කුමන්ත්‍රණය

පුද්ගලයෙක්ට වෙනස් කරන්න බැරි එක දෙයක් තියනවනේ ඒ තමයි ඒ කෙනා මැරෙන වෙලාව සහ මැරෙන්න හේතුව ඒ කියන්නේ කොච්චර ලොකු වැඩ්ඩෙක්ට උනත් මරණය පාලනය කරන්න බෑනේ. ඒත් යොන්ග් ඉල්ටනම් ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මෙයාගේ රැකියාව වෙන්නෙත් මරණය පාලනය කරන එක. යොන්ග් ඉල් කියන්නේ කෙනෙක්ගේ මරණයක් හදිසි අනතුරක් බවට සකස් කරන නිර්මාණකරුවෙක්. ඒ කියන්නේ මෙයා මිනිස්සුන්ව මරන්නේ සැලසුම් කරලා ස්වභාවික අනතුරකින් මැරුණා කියලා අනිත් අයට පේන්න. මේක සැලසුම් කරපු බවට කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන විදියට වැඩ කරන්නත් මෙයා හරිම දක්ෂයි. දැක්කනේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි ඉතින්. මෙයා මේවා කරන්නේ තනියමනම් නෙමෙයි මෙයාට ඉන්නවා කණ්ඩායමක් ඒ චුල් ජොන්ග් , ජැකී සහ ජුම් මාන් කියන අය. මෙයාලා අනිත් අයගේ කොන්ත්‍රාත්වලට තමයි මෙහෙම මිනිස්සු මරන්නේ ඒ කියන්නේ මෙයාලා සල්ලි හම්බකරන්නේ මේවා කරලා.

කතාවේ යොන්ග් ඉල්ගේ ලගින්ම හිටපු යාලුවෙක් වුණු ජැක් නෝනි කියලා කෙනෙක්ගේ මරණයක් ගැන පෙන්නනවා මේකත් ස්වභාවික අනතුරක් වගේ පේන්න සලස්වපු සැලසුම් කරපු අනතුරක් කියලා යොන්ග් ඉල් විශ්වාස කරනවා. ඉතින් ඒක කරලා තියෙන්නෙ යොන්ග් ඉල් වගේම වැඩ කරන පිරිසිදු කරන්නන් කියලා හදුන්වන වෙනත් කණ්ඩායමක් විසින් කියලා තමයි යොන්ග් ඉල් විශ්වාස කරන්නේ.

මේ ඔක්කොම අතරේ මෙයාලට ලැබෙනවා ඔවුන්ගේ ජීවිත කනපිට පෙරලන කොන්ත්‍රාත්තුවක්. මෙවර ඉලක්කය මාධ්‍ය සහ මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති බලගතු චරිතයක් වන අභිචෝදකවරයෙක්. කණගාටුවට කරුණ වෙන්නේ  මේ කොන්ත්‍රාත්තුව අරගෙන එන්නේ එයාගෙම දුව විසින් වීම. අපේ මේ කණ්ඩායම මේ කොන්ත්‍රාත්තුව භාරගන්නවා. ඔවුන් මේ මරණය ස්වභාවික මරණයක් බවට පරිවර්තනය කරන්න සැලසුමක් දියත් කරනවා. ඉතින් මේ  කොන්ත්‍රාත්තුව අස්සෙ වෙන කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා ඒ අතරෙත් මන් කලින් කියපු පිරිසිදු කරන්නන් කියලා හදුන්වන කණ්ඩායමේ වැඩ ටිකකුත් වෙනවා. ඒකෙන් මේ කණ්ඩායමටත් ලොකු බලපෑමක් සිද්දවෙනවා.

හරි එහෙනන් කියෙව්වා ඇති එහෙනන් මේ යොන්ග් ඉල් ඇතුළු කණ්ඩායමට මේ අභිචෝදකයව ඝාතනය කරන්න පුලුවන් වේවිද? ඔවුන්ගේ සැලසුම සාර්ථක වේවිද? මේ කොන්ත්‍රාත්තවෙන් කණ්ඩායමට වෙන බලපෑම් මොනවද කියලා එහෙනන් නරඹලම දැනගන්න.

Comments