CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2055 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 29, 2024South Korea100 Min.
Your rating: 0
9.4 7 votes
The Plot (2024) | කුමන්ත්‍රණය

පුද්ගලයෙක්ට වෙනස් කරන්න බැරි එක දෙයක් තියනවනේ ඒ තමයි ඒ කෙනා මැරෙන වෙලාව සහ මැරෙන්න හේතුව ඒ කියන්නේ කොච්චර ලොකු වැඩ්ඩෙක්ට උනත් මරණය පාලනය කරන්න බෑනේ. ඒත් යොන්ග් ඉල්ටනම් ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මෙයාගේ රැකියාව වෙන්නෙත් මරණය පාලනය කරන එක. යොන්ග් ඉල් කියන්නේ කෙනෙක්ගේ මරණයක් හදිසි අනතුරක් බවට සකස් කරන නිර්මාණකරුවෙක්. ඒ කියන්නේ මෙයා මිනිස්සුන්ව මරන්නේ සැලසුම් කරලා ස්වභාවික අනතුරකින් මැරුණා කියලා අනිත් අයට පේන්න. මේක සැලසුම් කරපු බවට කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන විදියට වැඩ කරන්නත් මෙයා හරිම දක්ෂයි. දැක්කනේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි ඉතින්. මෙයා මේවා කරන්නේ තනියමනම් නෙමෙයි මෙයාට ඉන්නවා කණ්ඩායමක් ඒ චුල් ජොන්ග් , ජැකී සහ ජුම් මාන් කියන අය. මෙයාලා අනිත් අයගේ කොන්ත්‍රාත්වලට තමයි මෙහෙම මිනිස්සු මරන්නේ ඒ කියන්නේ මෙයාලා සල්ලි හම්බකරන්නේ මේවා කරලා.

කතාවේ යොන්ග් ඉල්ගේ ලගින්ම හිටපු යාලුවෙක් වුණු ජැක් නෝනි කියලා කෙනෙක්ගේ මරණයක් ගැන පෙන්නනවා මේකත් ස්වභාවික අනතුරක් වගේ පේන්න සලස්වපු සැලසුම් කරපු අනතුරක් කියලා යොන්ග් ඉල් විශ්වාස කරනවා. ඉතින් ඒක කරලා තියෙන්නෙ යොන්ග් ඉල් වගේම වැඩ කරන පිරිසිදු කරන්නන් කියලා හදුන්වන වෙනත් කණ්ඩායමක් විසින් කියලා තමයි යොන්ග් ඉල් විශ්වාස කරන්නේ.

මේ ඔක්කොම අතරේ මෙයාලට ලැබෙනවා ඔවුන්ගේ ජීවිත කනපිට පෙරලන කොන්ත්‍රාත්තුවක්. මෙවර ඉලක්කය මාධ්‍ය සහ මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති බලගතු චරිතයක් වන අභිචෝදකවරයෙක්. කණගාටුවට කරුණ වෙන්නේ  මේ කොන්ත්‍රාත්තුව අරගෙන එන්නේ එයාගෙම දුව විසින් වීම. අපේ මේ කණ්ඩායම මේ කොන්ත්‍රාත්තුව භාරගන්නවා. ඔවුන් මේ මරණය ස්වභාවික මරණයක් බවට පරිවර්තනය කරන්න සැලසුමක් දියත් කරනවා. ඉතින් මේ  කොන්ත්‍රාත්තුව අස්සෙ වෙන කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා ඒ අතරෙත් මන් කලින් කියපු පිරිසිදු කරන්නන් කියලා හදුන්වන කණ්ඩායමේ වැඩ ටිකකුත් වෙනවා. ඒකෙන් මේ කණ්ඩායමටත් ලොකු බලපෑමක් සිද්දවෙනවා.

හරි එහෙනන් කියෙව්වා ඇති එහෙනන් මේ යොන්ග් ඉල් ඇතුළු කණ්ඩායමට මේ අභිචෝදකයව ඝාතනය කරන්න පුලුවන් වේවිද? ඔවුන්ගේ සැලසුම සාර්ථක වේවිද? මේ කොන්ත්‍රාත්තවෙන් කණ්ඩායමට වෙන බලපෑම් මොනවද කියලා එහෙනන් නරඹලම දැනගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉෂාරා ගුණරත්න (Baiscopelk)
IMDb 4.8 /10 238 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lee Yo-sup
Director

Cast

Lee Moo-saeng isLee Chi-hyeon
Lee Chi-hyeon
Lee Hyun-wook isWol-cheon
Wol-cheon
Kim Hong-pa isJu Seong-jik
Ju Seong-jik
Jung Eun-chae isJu Young-sun
Ju Young-sun
Kim Shin-rock isYang Gyeong-jin
Yang Gyeong-jin

Similar titles

The Killer’s Game (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Iceman (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Hit (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House of Lies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Complete Unknown (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published